“ඕෂන් ඔඩිසි” නෞකාව කොළඹ වරායට; ත්‍රිකුණාමලය වරාය බලා යාත්‍රා කිරීමට නියමිතයි

“ඕෂන් ඔඩිසි” නෞකාව කොළඹ වරායට; ත්‍රිකුණාමලය වරාය බලා යාත්‍රා කිරීමට නියමිතයි

“ඕෂන් ඔඩිසි” නෞකාව කොළඹ වරායට; ත්‍රිකුණාමලය වරාය බලා යාත්‍රා කිරීමට නියමිතයි

ඇමරිකාවේ ධනවත්ම සංචාරකයින් 108ක් රැගත් “ඕෂන් ඔඩිසි” නෞකාව (18) දහවල් කොළඹ වරායට සේන්දු වූ බව වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා. මෙම නෞකාව ඉන්දියාවේ කොචින් වරායේ සිටයි කොළඹ වරායට පැමිණ ඇත්තේ.

එසේම එම නෞකාව (19) ත්‍රිකුණාමලය වරාය බලා යාත්‍රා කිරීමට ද නියමිතයි.

ඕෂන් ඔඩිසි නෞකාවෙන් පැමිණෙන සංචාරකයින් කොළඹ, කුරුණෑගල, හබරණ, සීගිරිය සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිත් බවද වාර්තා වනවා.

නෞකාව මේ මස 21 වනදා රාත්‍රී 07ට ත්‍රිකුණාමල වරායෙන් තායිලන්තය බලා පිටත්ව යාමට නියමිතයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *