“ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් පුද්ගලික සමාගම”ට නිකුත් කර ඇති මුදල් මාරු කිරීමේ බලපත්‍රය අවලංගු කරයි

"ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් පුද්ගලික සමාගම"ට නිකුත් කර ඇති මුදල් මාරු කිරීමේ බලපත්‍රය අවලංගු කරයි

"ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් පුද්ගලික සමාගම"ට නිකුත් කර ඇති මුදල් මාරු කිරීමේ බලපත්‍රය අවලංගු කරයි

විදේශ මුදල් මාරු කිරීමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් පුද්ගලික සමාගමට (Prasanna Money Exchange (Pvt) Ltd) නිකුත් කර ඇති මුදල් මාරු කිරීමේ බලපත්‍රය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට තීරණය කර තිබෙනවා.

සිදුකරන ලද විමර්ශනයකින් අනතුරුව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් එම සමාගමට නිකුත් කර තිබූ බලපත්‍රය තාවකාලිකව අවලංගු කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ ප්‍රතිපාදන යටතේ ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් පුද්ගලික සමාගමෙහි අංක 42 A, මුදලිගේ මාවත, කොළඹ 01 සහ අංක 57, ගාලු පාර, කොළඹ 06 දරන ස්ථාන වල පැවති පිළිවෙලින් ප්‍රධාන කාර්යාලයය සහ ශාඛාව වෙත නිකුත් කර ඇති අංක DFE/RD/0058 දරන බලපත්‍රය අවලංගු කිරීමට තීරණය කර ඇත.

මහ බැංකුව විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ ඒ අනුව ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් පුද්ගලික සමාගමට බලයලත් විදේශ මුදල් හුවමාරු කරන්නෙකු ලෙස විදේශ මුදල් මාරු කිරීමට තවදුරටත් අවසර නොමැති බවයි.

එසේම ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් පුද්ගලික සමාගම සමග විදේශ මුදල් මිල දී ගැනීම, විකිණීම සහ හුවමාරු කිරීම විදේශ විනිමය පනතේ විධිවිධාන යටතේ නීති විරෝධී ක්‍රියාවක් ලෙස සලකන බවද ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *