හිටපු උපකුලපතිට පහරදුන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 12 දෙනෙකුගේ ශිෂ්‍ය භාවය අහෝසි කරයි

පේරාදෙණිය සරසවියේ සිසුන් 11කට පන්ති තහනමක්

පේරාදෙණිය සරසවියේ සිසුන් 11කට පන්ති තහනමක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඔහුගේ පුත්‍රයාට එම විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් පහරදිමේ සිද්ධියට අදාළව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 12 දෙනෙකුගේ ශිෂ්‍ය භාවය අහෝසි කර තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඔහුගේ පුත්‍රයාට මෙලෙස පහරදී තිබුණේ පසුගිය 10 වනදා රාත්‍රියේයි. ඒ යතුරුපැදි දෙකක මෝටර් රථයක් ගැටුනු බව පවසමින්, විශ්වවිද්‍යාල සිසුන් සහ හිටපු උපකුලපතිවරයාගේ පුත්‍රයා අතර සිදුවූ බහින්බස් වීමකින් අනතුරුවයි. ප්‍රහාරයට සිසුන් 100කට අධික පිරිසක් පැමිණ තිබු අතර එම පිරිස අතුල සේනාරත්න මහතාගේ නිවසට ඇතුළුවී ඊටද හානි සිදුකරන අයුරු ආරක්ෂිත කැමරාවල සටහන්ව තිබුණා. සිද්ධියෙන් තුවාල ලැබූ හිටපු උපකුලපතිවරයා හා ඔහුගේ පුත්‍රයා රෝහල් ගතව ප්‍රතිකාර ලැබු අතර (11) පස්වරුවේ ඔවුන් නිවසට පැමිණියා. අනතුරට ලක්වුයේ යැයි පැවසෙන මොටර් රථය හා යතුරු පැදි දෙක පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා වැඩිදුර විමර්ශණ ක්‍රියාත්මක බව පොලිස් මුලස්ථානය සදහන් කළා.

මේ අතර අදාළ සිසුන් සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල මට්ටමින් පරීක්ෂණයක් සිදුකොට ඊට අදාළ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා ප්‍රකාශ කළා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති මහාචාර්ය බී එම් එච් එස් කේ බන්නැහැක මහතා මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සදහන් කළේ විශ්වවිද්‍යාල මට්ටමින් සිසුන් සමග මෙම සිද්ධිය සම්බන්ධයෙන් සංවාදයක් ඇති කොට ඉදිරියට මෙවැනි ක්‍රියා ඇති නොවීමට පියවරගන්නා බවයි.

උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා ප්‍රකාශ කළේ විශ්වවිද්‍යාල සිසුන්ගේ මෙම හැසිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවයි. එමෙන්ම මීට අදාළව නිතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවයි ඒ මහතා අවධාරණය කරන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *