කෘෂිකර්ම අමාත්‍යාංශය සතු ආයතන 8ක් ඒකාබද්ධ කොට ආයතන 4ක් කිරීමට තීරණයක්

කෘෂිකර්ම ඇමතිගෙන් ගොවිජන කොමසාරිස් ජනරාල්වරයා වෙත නියෝගයක්

කෘෂිකර්ම ඇමතිගෙන් ගොවිජන කොමසාරිස් ජනරාල්වරයා වෙත නියෝගයක්

කෘෂිකර්ම අමාත්‍යාංශය සතුව පවතින ආයතන අටක් ඒකාබද්ධ කොට ආයතන හතරක් බවට පත් කිරීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

එකම විෂයක් සම්බන්ධයෙන් පවතින ආයතන ඒකාබද්ධ කොට ලබන වසරේ සිට එක් සභාපතිවරයෙක් සහ අධ්‍යක්ෂ මණ්ඩලයක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කළේය.

රජයේ වියදම් කළමනාකරණ ප්‍රතිපත්ති යටතේ ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන මගින් අදාල ආයතනවල වියදම සියයට 50කින් පමණ අඩුවනු ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

ඒ අනුව මිල්කෝ සමාගම සහ පශු සම්පත් සංවර්ධන මණ්ඩලයත් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය සහ අනුරාධපුර පසු අස්වනු තාක්ෂණික ආයතනයත් ලංකා පොහොර සමාගම සහ කොමර්ෂල් පොහොර සමාගමත් ලංකා හදබිම අධිකාරිය සහ ආහාර ප්‍රවර්ධන මණ්ඩලයත් මෙලෙස ඒකාබද්ධ කොට පවත්වාගෙන යාමට නියමිතය.

අදාළ තීරණය ජනාධිපතිවරයාගේද පැසසුමට ලක් වූ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *