හරක් 2000 අධික ප්‍රමණයක් සොරාගත් ප්‍රධාන සැකකරුවෙක් ඇතුලු තිදෙනකු අත්අඩංගුවට

හරක් 2000 අධික ප්‍රමණයක් සොරාගත් ප්‍රධාන සැකකරුවෙක් ඇතුලු තිදෙනකු අත්අඩංගුවට

හරක් 2000 අධික ප්‍රමණයක් සොරාගත් ප්‍රධාන සැකකරුවෙක් ඇතුලු තිදෙනකු අත්අඩංගුවට

සුභෝපභෝගී වාහන වලින් ගොස් හරක් ආසන්න 2000 අධික ප්‍රමණයක් සොරාගත්, හරක් හොරකම සම්බන්ධයෙන් අධිකරණ වලින් වරෙන්තු 51 ලැබ සිටි ප්‍රධාන සැකකරුවෙක් ඇතුලු තිදෙනකු තලපත්පිටිය ප්‍රදේශයේ හෝටලයකදී රැදී සිටියදි බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇල්පිටියේ කහදූව පදිංචි (35) හැවිරිදි යුද හමුදා විශේෂ බලකායේ හිටපු සෙබළකු බවත් හරක් හොරකම සම්බන්ධයෙන් ඔහුට පමණක් දිවයිනේ විවිධ ප්‍රදේශවල අධිකරණ වලින් වරෙන්තු 51 නිකුත් කර ඇති බවද පොලිසිය පවසයි.

එම වරේන්තු 51 අතරින් එක් අධිකරණයකින් පමණක් මොහුට විරුද්ධව වරෙන්තු 27ක් නිකුත් කර ඇති බවද පොලිසිය පවසයි.

අධිකරණය මගහරිමින් සුඛෝපභෝගි හෝටල් වල රැදී සිටිමින් සැකකරු මහපරිමාණයෙන් මෙම ජාවරම සිදුකරගෙන ඇති බවද පොලිසිය කියයි.

හරක් හොරකමේ නිරත වරේන්තු රැසක් ලැබු පුද්ගලයකු තලපත්පිටිය ප්‍රදේශයේ හෝටලය ක රැඳී සිටින බවට බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන් (38666) බස්නායක මහතා වෙත ලැබුණු බුද්ධි තොරතුරකට අනුව (01) රාත්‍රියේ හෝටල වටලා ප්‍රධාන සැකකරු ඇතුලු සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *