රු. ලක්ෂ 60කට අධික දුම්වැටි සමඟ චීන ජාතිකයින් 3 දෙනෙකු අත්අඩංගුවට

0
රු. ලක්ෂ 60කට අධික දුම්වැටි සමඟ චීන ජාතිකයින් 3ක් අත්අඩංගුවට

රු. ලක්ෂ 60කට අධික දුම්වැටි සමඟ චීන ජාතිකයින් 3ක් අත්අඩංගුවට

රුපියල් හැට ලක්ෂ හැට දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ ”හරිත මාවත” ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ විදේශීය ගුවන් මගීන් තිදෙනෙකු ඊයේ (25) අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් තිදෙනා අවුරුදු 31,36 සහ 40 වයස් වල පසුවන චීන ජාතික ව්‍යාපාරිකයන් වේ.

මොවුන් ගුවන් තොටුපොළ රේගු නිලධාරීන්ගේ අවධානය වෙනතකට යොමු කිරීම සදහා, මෙම දුම්වැටි තොගය චීනයෙන් මිළදී ගෙන, මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර වෙත පැමිණ, එතැන් සිට(25) අලුයම 01.05ට බතික් එයාර් ගුවන් සේවයේ ඕ.ඩී.- 297 දරන ගුවන් යානයෙන් කටුනායකට ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

එහිදී ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 06 ක් තුළ චීනයේ නිෂ්පාදිත දුම්වැටි 40,400ක් අඩංගු දුම්වැටි කාටූන් 202ක් සගවා ගෙන ඇත.

කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මොවුන් තිදෙනා අත් අඩංගුවේ තබා ගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com