2022 වසරේ HIV ආසාදිතයින් 479 දෙනෙකු; ඒඩ්ස් හදුනා ගැනීමට ස්වයං පරීක්ෂණ කට්ටල

HIV ආසාදිතයින් වාර්තා වීම 14%කින් ඉහළට

HIV ආසාදිතයින් වාර්තා වීම 14%කින් ඉහළට

2021 වසරට සාපේක්ෂව 2022 වසරේ මේ දක්වා කාලය තුළ HIV ආසාදිතයින්ගේ කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි. ලෝක ඒඩ්ස් දිනය (01) යෙදී තිබේ.

2022 වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ මෙරටින් HIV ආසාදිතයින් 479 දෙනෙකු හඳුනාගෙන ඇත. කෙසේවෙතත් 2021 සමස්ත වර්ෂය තුළම මෙරටින් හඳුනාගෙන තිබු‍ණේ HIV ආසාදිතයින් 411 දෙනකු පමණි.

ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පෙන්වා දෙන්නේ වයස අවුරුදු 18ත් 30ත් අතර වයස් කාණ්ඩයේ තරුණ පිරිස් අතර HIV ආසාදනය සහ සෙසු ලිංගාශ්‍රිත රෝගවල වර්ධනයක් පෙන්නුම් කරන බවය.

මෙවැනි පසුබිමක වෛද්‍යවරු පෙන්වා දෙන්නේ HIV ව්‍යාප්තිය පාලනයට පරීක්ෂණ සහ ප්‍රතිකාර වෙත කඩිනමින් යොමුවීම අත්‍යවශ්‍ය බවය.

කොළඹ 10, ද සේරම් පෙදෙසේ පිහිටි ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ මධ්‍යම සායනය හරහා HIV ආසාදනය වී ඇත්දැයි තහවුරු කරගැනීමේ පරීක්ෂණ, ඒඩ්ස් රෝගී ප්‍රතිකාර, උපදේශන සේවා ඇතුළු සේවා රැසක් ජනතාවට නොමිලේ සපයයි.

ඊට අමතරව HIV ආසාදිතයින් හඳුනාගැනීමට සිදුකරන පරීක්ෂණ සහ සෙසු සේවා සැපයීම වෙනුවෙන් මාර්ගගත ක්‍රමය ඔස්සේද මේ වනවිට පහසුකම් සපයා තිබේ.

ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ විශේෂඥ වෛද්‍ය නිමාලි ජයසූරිය,

“සතියේ දින 5ම උදේ 8 සිට සවස 4 වෙනකම් සායනය ඇරලා තියෙන්නේ. සෙනසුරාදාත් උදේ 8 සිට දහවල් 12 වෙනකම් සායනය විවෘතයි. සමහර පරීක්ෂණ තිබෙනවා. අපේ ළඟට ආවට පස්සේ විනාඩි 20න් ප්‍රතිඵල ලබාදෙනවා. සායනවලට එන්න කැමති නැති අයට ස්වයං පරීක්ෂණ කට්ටල තිබෙනවා. තමන්ගේ මුඛ තරලය යොදාගෙන මේ පරීක්ෂණය කරගන්න පුළුවන්. ප්‍රතිඵලවල ප්‍රශ්නයක් තිබෙනවා නම් අප වෙත යොමුවෙන්න පුළුවන්. අපේ ආරක්ෂණ කුටියේ අපි මේවා තියෙලා තිබෙනවා. ඕනම කෙනෙකුට මේක ලබාගන්න සැකය දුරුකරගන්න පුළුවන්.”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *