ගෝලීය වැටුප් පහත වැටීම හමුවේ සමාජ විරෝධතා ඇති විමේ අවධානමක් – ජාත්‍යාන්තර කම්කරු සංවිධානය

ගෝලීය වැටුප් පහත වැටීම හමුවේ සමාජ විරෝධතා ඇති විමේ අවධානමක් - ජාත්‍යාන්තර කම්කරු සංවිධානය

ගෝලීය වැටුප් පහත වැටීම හමුවේ සමාජ විරෝධතා ඇති විමේ අවධානමක් - ජාත්‍යාන්තර කම්කරු සංවිධානය

ගෝලීය වැටුප් පහත වැටීම හමුවේ සමාජ විරෝධතා ඇති විමේ අවධානමක් පවතින බවට ජගත් සංවිධානය අනතුරු අගවනවා.

2022 වසරේ මුල් භාගය තුළ දී පමණක් සියයට බිංදුවයි දශම නවයකින් වැටුප් පහත වැටී ඇති බව ජාත්‍යාන්තර කම්කරු සංවිධානය නිවේදනය කරනවා. ගෝලීය ආර්ථික අර්බුධය හමුවේ ජීවන වියදම ඉහළ යාමද ජනතාවට දරා ගත නොහැකි මට්ටමකට ලගා වෙමින් පවතින බවටයි එම සංවිධානය පවසන්නේ.

ඒ හරහා සමාජ විරෝධතා පැන නැගීමට වැඩි ඉඩක් පවතින බව ජාත්‍යාන්තර කම්කරු සංවිධානය පෙන්වා දෙනවා.

කොරෝනා වෛරස ව්‍යාපත්තිය ආරම්භ වීමත් සමග අඩු ආදායම්ලාභීන්ගේ වැටුප් සැලකිය යුතු ලෙස පහළ ගිය අතර මේ වන විට එය තවදුරටත් අවම වී තිබෙනවා. වැටුප් අවම අගයකට පත්වු රටවල් ලෙස බල්ගේරියාව, ස්පාඤ්ඤය, ශ්‍රී ලංකාව, දකුණු කොරියාව, බ්‍රිතාන්‍ය හා ඇමෙරිකාව හදුනාගත හැකි බවයි ජාත්‍යාන්තර කම්කරු සංවිධානය සදහන් කරන්නේ.

2008 වසරට සාපේක්ෂව 2022 වසරේදි සමස්ත වැටුප් පහළ ගිය රටවල් ලෙස ඉතාලිය, ජපානය, මෙක්සිකෝව හා බ්‍රිතාන්‍ය හදුනාගෙන තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *