අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් රු. බිලියන 2ක්

රජය රෝහල්වල පැවති ඖෂධ හිඟයට හේතු වූ කරුණු සම්බන්ධයෙන් විශේෂ විගණන වාර්තාවක්

රජය රෝහල්වල පැවති ඖෂධ හිඟයට හේතු වූ කරුණු සම්බන්ධයෙන් විශේෂ විගණන වාර්තාවක්

අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා (22)වැනි දා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 2ක මුදලක් ලැබීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

මේ අතර පිළිකා රෝගීන්ගේ බෙහෙත් ඇතුළු ජීවිත ආරක්ෂක ඹෟෂධ වර්ග 14ක් සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව තිබෙන බවත්, දැනට හිඟ ඖෂධවලින් වර්ග 60ක් ලබන සතියේ මෙරටට ආනයනය කරන බවත්, ඊට අමතරව තවත් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 384කින් වර්ග 151 මේ මොහොතේ මෙරට නොමැති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මේ වනවිට ඖෂධ ආනයනකරුවන් සඳහා පමණක් රුපියල් බිලියන 20කට ආසන්න මුදලක් ගෙවීමට ඇති බවත්, එම මුදල් කොටස් වශයෙන් ගෙවීමට පියවර ගෙන ඇති බවටත් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *