නිසි ප්‍රමිතියෙන් තොර කෘමිනාශක හා වල්නාශක බෙදා හරින වෙළදසැල් සොයා රට පුරා වැටලීම්

නිසි ප්‍රමිතියෙන් තොර කෘමිනාශක හා වල්නාශක බෙදා හරින වෙළදසැල් සොයා වැටලීම් සිදු කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා.

මෙරට ප්‍රධාන පෙලේ පළිබෝධනාශක බෙදා හරින ආයතනවල නියෝජිතයින් හා අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතර කෘමිනාශක හා වල්නාශක සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. පළිබෝධනාශක සමාගම්වල නියෝජිතයින් මෙහිදි පෙන්වා දුන්නේ කිසියම් පිරිසක් තත්ත්වයෙන් බාල කෘමිනාශක හා වල්නාශක ඉහළ මිළ ගණන් යටතේ දිවයින පුරා අලෙවි කරන බවයි. ඒවා භාවිතයෙන් වල් මර්දනයට හෝ පළිබෝධ මර්දනයට කිසිදු බලපෑමක් නොවන බවද ඔවුන් පෙන්වා දුන්නා. ප්‍රමිතියෙන් තොර රසායනික ද්‍රව්‍ය හේතුවෙන් පාරිසරික හා සෞඛ්‍යයමය ගැටලු රැසක් උද්ගත විමේ අවධානමක් පවතින බවද පළිබෝධ නාශක සමාගම් නියෝජිතයින් අමාත්‍යවරයාට පැහැදිලි කර දුන්නා.

මෙහිදි අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දෙමින් කියා සිටියේ පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය මගින් එවැනි අලෙවිසැල් සොයා වැටලීමට කටයුතු කරන ලෙසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *