මන්ත්‍රීවරුන්ට දෙන විමධ්‍යගත අරමුදල් කඩිනමින් ලබා දෙන්නැයි රජයෙන් ඉල්ලීමක්

Online Safety හෙවත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත සම්මතයි

Online Safety හෙවත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත සම්මතයි

එක් එක් දිස්ත්‍රික්කවල සංවර්ධන කටයුතු සඳහා මන්ත්‍රීවරුන්ට දෙන විමධ්‍යගත අරමුදල් කඩිනමින් ලබා දෙන්නැයි ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පිරිසක් රජයෙන් ඉල්ලීමක් කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සඳුදා පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ද මැති ඇමතිවරුන් ගණනාවක් ජනාධිපතිවරයාගෙන් මෙම ඉල්ලීම කර ඇතැයි වාර්තා වේ.

මන්ත්‍රීවරුන් සඳහා පසුගිය වසරේදී රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක මුදලක් විමධ්‍යගත අරමුදල් ලෙස ලැබුණු බවත්, එහෙත් මේ වසරේ එය තවමත් ලැබී නැති බවත් එම මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත.

ඇමතිවරුන්ට සහ රාජ්‍ය ඇමතිවරුන්ට සිය ගම්වලට ගොස් සංවර්ධන කටයුතු කිරීමට ඒ ඒ අමාත්‍යාංශවල මුදල් වෙන්කර ගන්නා නමුත් ,ආණ්ඩුවේ තනතුරු, වගකීම් නොමැති මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත අරමුදල් නොලැබීම නිසා ගම්වල කිසිදු කටයුත්තක් කිරීමට නොහැකි වී ඇතැයි ද එම මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත.

මෙය මන්ත්‍රීවරුන්ට රජයේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජනතාව අතරට ගොස් ඔවුන් දැනුවත් කිරීමට බරපතළ ගැටලුවක් වී ඇතැයිද එම මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත

එහිදී අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා ආර්ථික තත්වය අනුව මේ වසරේ විමධ්‍යගත අරමුදල් ලබා දිය නොහැකි බවත්, ආදායම් මට්ටම සතුටු දායක වුවහොත් ලබන වසරේ දී එය ලබාදීමට හැකිවනු ඇති බවත් සදහන් කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *