හඳුනා නොගත් මත්ස්‍යයෙක් කල්පිටිය මුහුදෙන් හමුවෙයි

හඳුනා නොගත් මත්ස්‍යයෙක් කල්පිටිය මුහුදෙන් හමුවෙයි

හඳුනා නොගත් මත්ස්‍යයෙක් කල්පිටිය මුහුදෙන් හමුවෙයි

කල්පිටිය කන්ද කුලිය මුහුදු තීරයෙන් මින් පෙර කල්පිටිය සයුරේ දී හමු නොවූ මිය ගිය මුහුදු ක්ෂීරපායී පැටවකුගේ දේහය (17) උදෑසන හමු වූ බව කල්පිටිය වන ජීවී කාර්යාලය පවසයි.

අඩි දෙකක පමණ දිගින් යුතු මෙම ජීවීයාගේ දේහය මුහුදේ පාවෙමින් තිබිය දී දැක ඇත.

කල්පිටිය වන ජීවී අඩවි ආරක්ෂක උපාලි කුමාරතුංග මහතාගෙන් විමසීමේ දී ඒ මහතා පැවසුවේ මෙම මුහුදු ක්ෂීරපායි සත්ත්වයා ඩොල්පින් හා තල්මස් සත්ත්වයන් අතර අතර මැදි ලක්ෂණ පිළිඹිබු කරන බවය.

මෙම මත්ස්‍ය ප්‍රභේදය හදුනාගෙන නොමැති හෙයින් වැඩිදුර අධ්‍යනයකින් පසුව තොරතුරු අණාවරණය කළ හැකි බවද ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.
මෙම මත්ස්‍යා මා දැලක පැටලීමෙන් මිය යාමට ඇතැයි අනුමාන කරණ අතර,මෘත දේහය පිළිබදව අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතව ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *