100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

හෝටලයක් මුවාවෙන් මත්කුඩු පානය කරන්නන්ට පහසුකම් සපයලා – තරුණයන් අට දෙනකු සමග විෂ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට

හෝටලයක් මුවාවෙන් මත්කුඩු පානය කරන්නන්ට පහසුකම් සපයලා - තරුණයන් අට දෙනකු සමග විෂ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට

හෝටලයක් මුවාවෙන් මත්කුඩු පානය කරන්නන්ට පහසුකම් සපයලා - තරුණයන් අට දෙනකු සමග විෂ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට

ගම්පොළ නගරයේ හෝටලයක් පවත්වාගෙන යන මුවාවෙන් මත්කුඩු පානය කරන්නන්ට පහසුකම් සපයමින් සියලුම වර්ගයේ ‍මත්දුව්‍ය අලෙවිය, ප්‍රවාහනය, ජාවාරම සිදු කරන ස්ථානයක් වටලා තරුණයන් අට දෙනකු සමග විෂ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සැක නොසිතන ආකාරයට හෝටලයක් ලෙස පවත්වාගෙන ගිය මෙම ස්ථානය පාසල් ළමුන් තරුණයන් ඇතුළු පිරිස් පැමිණීම පිළිබඳව දීර්ඝ කාලයක් නිරීක්ෂණය කොට ගම්පොල මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයා සමග ගම්පොල කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් මෙම වැටලීම සිදු කරනු ලැබීය.

මෙම හෝටලයේ උඩුමහලේ කාමර තුනක මෙම ජාවාරම සිදු කර ඇති අතර නගරයේ අවට නිරීක්ෂණය කිරීම සඳහා රහසිගත කවුළු කීපයක් ද සකසා ඇති බව පොලිසිය නිරීක්ෂණය කරනු ලැබීය.

මෙම ස්ථානය තුළ හෙරොයින්, ඈස්(හසිස්) අයිස්, ගංජා, මත් පෙති අලෙවි කරන බවට තොරතුරු ලැබී තිබූ අතර අත්අඩංගුවට ගත් තරුණයන් අටදෙනා ළඟ මෙම මත්ද්‍රව්‍ය තිබී සොයාගත් බව පොලිසිය පැවසීය.

මේ සමග මත්ද්‍රව්‍ය අලෙවි කර ලබාගත් රුපියල් එක්ලක්ෂ හය දහසක මුදලක්ද පොලිස් භාරයට ගනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed