නව තානාපතිවරුන් 7 දෙනෙක් සහ මහ කොමසාරිවරයෙක් අක්තපත්‍ර භාර දෙයි
ශ්‍රී ලංකාව වෙනුවෙන් පත් වුණු නව තානාපතිවරුන් 7 දෙනෙකු සහ මහ කොමසාරිස්වරයෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සිය අක්තපත්‍ර භාර දී තිබේ. (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී එම අක්තපත්‍ර භාර දීම සිදුකෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.
ඒ අනුව රුසියාව, මෙක්සිකෝව, ප්‍රංශය, ඕමානය, භූතානය, පැරගුවා හා ලක්ෂම්බර්ග් සඳහා පත්වූ නව තානාපතිවරු සහ ඝානා රාජ්‍යය වෙනුවෙන් පත්වී ආ මහ කොමසාරිස්වරයා මෙලෙස ජනාධිපතිවරයා වෙත අක්තපත්‍ර භාර දී ඇත.