“නීති විද්‍යාල ප්‍රවේශ විභාගය ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණයි” – තීරණය වසර 3කින් කල් දමන ලෙස ඉල්ලීමක්

නීති විද්‍යාලයේ විභාග ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් එපා - අධිකරණ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

නීති විද්‍යාලයේ විභාග ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් එපා - අධිකරණ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

නීති විද්‍යාල ප්‍රවේශ විභාගයට ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් පෙනී සිටිය යුතු බවට ගෙන තිබෙන තීරණය වසර තුනකින් කල් දමන ලෙස නීති අධ්‍යයන සභාවෙන් ඉල්ලීමක් කළ බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී (10) පැවසීය.

ඇමැතිවරයා මෙසේ පැවසූවේ එම විභාගයට මවුබසින් පෙනී සිටීමට අයැදුම්කරුවන්ට අවස්ථාව දෙන්නේදැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරංවංශ විසින් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි.

බහුතරයකගේ ඉල්ලීම් අනුව එම විභාගයට මවුබසින් පෙනී සිටීමට අයිතිය දෙන ලෙස නීති අධ්‍යයන කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටි බව කී ඇමැතිවරයා විභාගයට ඉංග්‍රීසි බසින් පමණක් පෙනී සිටිය යුතු බවට සඳහන් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇතත් එය මේ දක්වා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැති බවද සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *