ඇ.ඩොලර් මිලියන 48ක සූර්යබල ව්‍යාපෘති සදහා ගිවිසුම් අත්සන් කරයි

ඇ.ඩොලර් මිලියන 48ක සූර්යබල ව්‍යාපෘති සදහා ගිවිසුම් අත්සන් කරයි

ඇ.ඩොලර් මිලියන 48ක සූර්යබල ව්‍යාපෘති සදහා ගිවිසුම් අත්සන් කරයි

ඇමෙරිකා ඩොලර් මිලියන 48ක ආයෝජනයක් වන සූර්යබල ව්‍යාපෘති සදහා ගිවිසුම් අත්සන් කිරීම රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

පුනර්ජනනිය බලශක්ති ක්ෂේත්‍රයේ ව්‍යාපෘති සදහා ආයෝජකයන් දිරිගන්වමින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් ප්‍රචලිත කිරීමේ රජයේ වැඩපිළිවෙල ශක්තිමත් කරමින් මෙම ගිවිසුමට අත්සන් කෙරුණා. මධ්‍යම හා උතුර යන පළාත් කේන්ද්‍ර කර ගනිමින් මූලික පියවරක් ලෙස මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිතය.

එනම් මධ්‍යම පළාතේ රජයේ ගොඩනැගිලි 451ක් ඇතුළු ගොඩනැගිලි 1300ක් ආවරණය වන පරිදී සූර්ය පැනල සවිකිරීම මගින් මෙගාවොට් 65ක විදුලි ධාරිතාවක් උත්පාදනය කර ගැනීම අපේක්ෂාවයි.

එමෙන්ම උතුරු පළාත් රජයේ ගොඩනැගිලි 234ක සූර්ය පැනල සවිකරමින් මෙගාවොට් 10ක විදුලිබලයක් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර තිබේ. මෙම විදුලි උත්පාදනයෙන් ලැබෙන ආදායමෙන් කොටසක් අදාළ පළාත් සභා වෙත ලබා දීමටද නියමිතයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *