තිලිණි ප‍්‍රියමාලි සිද්ධියෙන් Youtube නාලිකාවකට හා Facebook පිටුවකට වාරණ නියෝගයක්

”තිලිණි ප‍්‍රියමාලි” සිද්ධිය පාදක කර ගෙන ලෝක වෙළද මධ්‍යස්ථානයේ පවත්වාගෙන යන වෙනත් පුද්ගලික සමාගමකට අපහාසයක් හා අපකීර්තියක් වන අසත්‍ය හා ද්වේෂ සහගත කරුණු ප‍්‍රචාරය කිරීම වළක්වමින් කොළඹ ප‍්‍රධාන දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය ධනංජය නාරම්බැද්දගේ නමැත්තා විසින් පවත්වාගෙන යනු ලබන බව කියන යූ ටියුබ් නාලිකාවකට හා ෆේස්බුක් පිටුවකට වාරණ නියෝගයක් නිකුත් කළාය.

දින දාහතරකට බලපැවැත්වෙන අන්දමට නිකුත් කළ මෙම නියෝගය සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ලබන 14 වැනිදා අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙස නියම කළ විනිසුරුවරිය වගඋත්තරකරුවන්ට අතුරු තහනම් දැන්වීම් සහ නොතීසිද නිකුත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *