ජනප්‍රිය බොක්සිං තරගාවලියක් වන Countdown to the Middle East Crown 5 අදියරය සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී

ජනප්‍රිය වෘත්තීය බොක්සිං තරගාවලියක් වන Countdown to the Middle East Crown 5 අදියරය සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ

ජනප්‍රිය වෘත්තීය බොක්සිං තරගාවලියක් වන Countdown to the Middle East Crown 5 අදියරය සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ

ක්‍රීඩාවේ ප්‍රවීණතාව සමග උපාධිය සම්පූර්ණ කිරීමට දියගම ක්‍රීඩා සංකීර්ණය තුළ ක්‍රීඩා විශ්ව විද්‍යාලයක් ආරම්භ කිරීමට කටයුතු කරන බවට ක්‍රිඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා (31) කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටලයේ පැවති ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට පවත්වනු ලබන වෘත්තීය බොක්සිං තරගාවලිය වන Countdown to the Middle East Crown 5 තරගාවලිය පිළිබදව හදුන්වා දීම සදහා, පැවති මාධ්‍ය හමුව අවස්ථාවේ දී පැවසීය.

ලෝකයේ තවත් ජනප්‍රිය වෘත්තීය බොක්සිං තරගාවලියක් වන Countdown to the Middle East Crown 5 අදියර නොවැම්බර් මස 26 වන දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

ඇමතිවරයා මෙහිදී කියා සිටියේ “අ.පො.ස. උසස් පෙළ විෂය මාලාවට ක්‍රීඩා විෂයන් ඇතුලත් කිරීමෙන් පසු ක්‍රීඩාව හා අධ්‍යාපනය දෙකම සමබරව පවත්වාගෙන යාමට අපේ දරු දැරියන්ට හැකි වේවි. ඉන් පසු ඔවුන් ආරම්භ කිරීමට නියමිත දියගම ක්‍රීඩා විශ්ව විද්‍යාලය වෙත පැමිණ ක්‍රීඩාවේ නියැලෙන ගමන් ක්‍රීඩා අංශයෙන් උපාධිය සම්පූර්ණ කිරීමට හැකි වීම වඩා වටිනවා. එම දරුවන්ගේ දෙමාපියන්ට ද එය මහත් අස්වැසිල්ලක් වනු ඇති බවයි.

මෙම තරඟාවලිය සදහා මෙවර සත්කාරකත්වය දරන ශ්‍රී ලංකාව සමගින් ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, ජපානය, ඉන්දුනීසියාව, තායිලන්තය, යුක්‍රේනය, ටජිකිස්ථානය, පාකිස්ථානය,පිලිපීනය, ඝානාව වැනි රටවල් 14 කින් ජාත්‍යන්තර බොක්සිං ක්‍රීඩකයින් 18 ක් සහ ලෝක ශූර කාන්තා බොක්සිං ක්‍රීඩිකාවන් 2ක් සහභාගී වීමට නියමිතය. Fite TV හරහා මෙම තරගාවලිය රටවල් 34 ක ප්‍රචාරය වීම ශ්‍රී ලංකාවට වඩා හොද ආකර්ශණයක් ලැබෙනු ඇත.

ලෝක බොක්සිං කවුන්සිලයේ තරඟ සැකසීම සම්බන්ධයෙන් විශිෂ්ට සම්මාන දිනා ඇති මැදපෙරදිග, අප්‍රිකා, ඕස්ට්‍රේලියා සහ යුරෝපා කලාපයන්හි ක්‍රියාකාරී තරඟ සකසන්නකු වන ඉන්දියාවේ රොෂාන් නතාලියල් විසින් මෙම ජාත්‍යන්තර තරඟ සැකසීම සිදු කරනු ලබයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *