21 සමඟ මතුවූ තාක්ෂණික කාරණා පදනම් කරගනිමින් මැතිවරණ කොමිසමේ සභාපති ඉවත් කිරීමට ආණ්ඩුව සූදානම්
විසි එක් වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් සමඟ මතුවූ තාක්ෂණික කාරණා පදනම් කරගනිමින් මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට ආණ්ඩුව සූදානම් වන බව, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
මැතිවරණ කල්දැමීමට කවුරුන් හෝ උත්සාහ කරන්නේ නම් තමන් උසාවියාමට සූදානම් බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කර ඇති බවත්, එබැවින් ඔහු තනතුරෙන් ඉවත් කරගැනීම ආණ්ඩුවේ එක් බලාපොරොත්තුවක් වී ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසුවේ ‘නිදහස ජනතාව සභාව’ මගින් කොළඹ දී (30) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
ලොව අපිරිසිඳුම මිනිසා වූ හාජි නෑමට බියවූවා සේම වත්මන් ආණ්ඩුව මැතිවරණවලට බය බවද අලහප්පෙරුම මහතා කීවේය.