කොටුබැම්ම තෙත්බිම් උද්‍යානය මහජනතාව වෙනුවෙන් විවෘත්ත වේ

කොටුබැම්ම තෙත්බිම් උද්‍යානය මහජනතාව වෙනුවෙන් විවෘත්ත වේ

කොටුබැම්ම තෙත්බිම් උද්‍යානය මහජනතාව වෙනුවෙන් විවෘත්ත වේ

කෝට්ටේ, කොටුබැම්ම තෙත්බිම් උද්‍යානය 2018 නොවැම්බර් මාසයේදී ලෝක බැංකු ආධාර මත නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙම තෙත්බිම් උයන ඉදිකර ඇත. ඒ සඳහා රුපියල් මිලියන 400 කට ආසන්න මුදලක් වැය කර තිබේ.

කොටුබැම්ම තෙත්බිම් උද්‍යානයේ සම්පූර්ණ වපසරිය හෙක්ටයාර 14කි. මෙය බැද්දගාන, තෙත්බිම් උද්‍යානයේම දිගුවකි. මෙහිදී සමනලුන්, බත්කූරන්, විවිධ මසුන්, පක්ෂීන්, හඳුන් දිවියා ඇතුළු විවිධ සත්වයන් දැක බලාගත හැකිය.

කුමන ආණ්ඩුවක් බලයට පත්වුවද ජනතාවට හිතකර ව්‍යාපෘති අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කළ යුතු බවත්, එමෙන්ම ඉදිරි වසර 20 -30 ගැන සිතා දැන් වැඩකළ යුතු බවත්, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ලෝක නගර දිනය නිමිත්තෙන් කෝට්ටේ, කොටුබැම්ම තෙත්බිම් උද්‍යානය විවෘත කිරීමේ අවස්ථාවට (31) එක්වෙමින් පැවසීය.

මෙම තෙත්බිම් උද්‍යානය දිනපතාම පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා මහජනතාව වෙනුවෙන් විවෘත්තව පවතී. මේ සඳහා වැඩිහිටියන් සඳහා ප්‍රවේශපත්‍ර ගාස්තුව වශයෙන් රුපියල් 100ක් වන අතර ළමයින් සඳහා ප්‍රවේශපත්‍ර ගාස්තුව රුපියල් 50 කි.

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *