තැපැල් කාර්යාලවලින් විදුලි-ජල බිල්පත් ගෙවීමේ ගාස්තුවත් ඉහළට

0
විදුලි ගාස්තු සමාලෝචන කරන ක්‍රමවේදයෙහි වෙනසක්

විදුලි ගාස්තු සමාලෝචන කරන ක්‍රමවේදයෙහි වෙනසක්

තැපැල් කාර්යාලවලින් විදුලි සහ ජල බිල්පත් ගෙවීමේදී අය කරන සේවා ගාස්තුව රුපියල් 20ක් දක්වා ඉහළ දමා තිබේ.

තැපැල් කාර්යාලවලින් විදුලි සහ ජල බිල්පත් ගෙවීමේදී මීට පෙර රුපියල් 5ක් පමණක් අය කළ බවත් එම ගාස්තුව මුදල් අමාත්‍යංශයේ අනුමැතිය ද ඇතිව රුපියල් 15කින් ඉහළ දැමූ බවත් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසීය.

තැපැල් දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් වියදම් ඉහළ යෑමත් බිල්පත් සේවාව සඳහා අදාල රාජ්‍ය ආයතන ගෙවූ ගාස්තුව පහළ දැමීමත් නිසා මෙසේ ගාස්තු ඉහළ දැමීමට සිදුවූ බවද තැපැල්පතිවරයා වැඩි දුරටත් කීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com