යාල වනෝද්‍යානයේදී වනසතුන්ට හිංසා කළ පුද්ගලයින්ට නඩු

යාල වනෝද්‍යානයේදී වනසතුන්ට හිංසා කළ පුද්ගලයින්ට නඩු

යාල වනෝද්‍යානයේදී වනසතුන්ට හිංසා කළ පුද්ගලයින්ට නඩු

යාල වනෝද්‍යානයේදී වනසතුන්ට හිංසා වන පරිදි කටයුතු කළ පුද්ගලයින් පිරිසකට එරෙහිව නඩු පැවරීමට වනජීවී දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙි.

යාල වනෝද්‍යානයේදී වනසතුන්ට හිරිහැර වන පරිදි වාහනවලින් ගොස් හැසිරුණු මෙම පුද්ගලයින් සම්බන්ධව වහාම නීතිමය පියවර ගන්නා ලෙස කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී ඇත.

ඒ අනුව එම පුද්ගලයින් පිළිබඳ සියලු තොරතුරු, ඔවුන්ගේ හැඳුනුම්පත් අංක, ලිපිනයන් හා වාහන අංක මෙන්ම අනිසි හැසිරීම් සනාථ කළ හැකි සියලු සාක්ෂි වනජීවී දෙපාර්තමේන්තුව සතුව පවතින බව අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව අදාල පුද්ගලයින් සියලු දෙනාට එරෙහිව නඩු පැවරීමට තීරණය කළ බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබන්ඩාර මහතා පැවසීය.

මෙම පුද්ගලයින් කිසිවෙක් විශේෂ අනුග්‍රහයක් යටතේ යාලට ගිය පිරිසක් නොවන අතර ඔවුන් සාමාන්‍ය සංචාරකයින් පිරිසක් බවද වනජීවී දෙපාර්තමේන්තුව පවසයි

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *