වෛද්‍යවරුන් විශ්‍රාම යාමේ වයස වසරකින් දීර්ඝ කරයි


විශ්‍රාම ගැන්වීම සඳහා නිකුත්කළ ගැසට් නිවේදනය විශේෂඥ වෛද්‍යවරු හා වෛද්‍යවරුන් සඳහා අත්හිටුවයි
වෛද්‍යවරුන් විශ්‍රාම යාමේ වයස වසරකින් දීර්ඝ කිරීමට තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
ඒ අනුව වයස අවු. 60, 61 සහ 62 වයස්වල වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස තවත් වසරකින් දීර්ඝ කිරීමට අදාළ නිර්දේශවලට කැබිනට් අනුමැතිය ලැබී ඇතිමුත් වයස අවුරුදු 59ක් වන වෛද්‍යවරුන් අවුරුදු 60දී විශ්‍රාම යා යුතු බවයි ඔහු පැවසුවේ.
කෙසේවෙතත් රාජ්‍ය අංශයේ අනෙකුත් සේවාවන් වල වත්මන් විශ්‍රාම වයස අවුරුදු 60ක් ලෙස පවතින බවයි ඔහු සඳහන් කළේ.