සුබසාධක ප්‍රතිලාභීන් ලෙස පවුල් මිලියන 3.1ක් ආවරණය කරමින් ප්‍රතිලාභීන් ලියාපදිංචි කිරීම ආරම්භ කරයි

සුබසාධක ප්‍රතිලාභීන් ලෙස පවුල් මිලියන 3.1ක් ආවරණය කරමින් ප්‍රතිලාභීන් ලියාපදිංචි කිරීම ආරම්භ කරයි

සුබසාධක ප්‍රතිලාභීන් ලෙස පවුල් මිලියන 3.1ක් ආවරණය කරමින් ප්‍රතිලාභීන් ලියාපදිංචි කිරීම ආරම්භ කරයි

සුබසාධක ප්‍රතිලාභීන් ලෙස පවුල් මිලියන 3.1ක් ආවරණය කරමින් ඔවුන්ට අවශ්‍ය ප්‍රතිලාභ ලබාදීම වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන රජයේ වැඩපිළිවෙල සඳහා ප්‍රතිලාභීන් ලියාපදිංචි කිරීම ආරම්භ කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ප්‍රතිලාභ ලබාගැනීම සඳහා ඔක්තෝබර් 15 වනදාට පෙර www.wbb.gov.lk යන වෙබ් අඩවියේ ලියාපදිංචි විය යුතු බවයි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරුද එම වෙබ් අඩවියෙන් ලබාගත හැකි බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

මේ යටතේ සමෘද්ධි, වැඩිහිටි පුද්ගල, ආබාධිත පුද්ගල සහ වකුගඩු රෝගී ජීවනාධාර වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලබන පවුල් හෝ පුද්ගලයන්, සහනාධාර අපේක්ෂාවෙන් පොරොත්තු ලේඛනවල සිටින පුද්ගලයන් මෙන්ම වත්මන් ආර්ථික අර්බුදයේ බලපෑමට ලක්ව රජයේ සුභසාධන ප්‍රතිලාභ අපේක්ෂා කරන පුද්ගලයන්ට මෙම ප්‍රතිලාභ හිමි වන බවත් අමාත්‍යවරයා අනාවරණය කළේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ (06) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

මේ වන විටත් ප්‍රතිලාභ අපේක්ෂකයින් වෙතින් අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇති අතර, එහි අවසන් දිනය ඔක්තෝබර් මස 15 දින දක්වා දීර්ඝ කිරීමට කටයුතු කළ බවද සේමසිංහ මහතා පැවසීය.

සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ වෙබ් අඩවියෙන් (www.wbb.gov.lk) මීට අදාළ අයදුම්පත ඕනෑම අයෙකුට බාගත කරගැනීමට අවස්ථාව තිබේ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා:

නව අයදුම්පත් කැඳවීමෙන් අපි බලාපොරොත්තු වන්නේ ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් තිබෙන සියලුම පුද්ගලයන් මීට ඇතුළත් කර ගැනීමටයි. සමාජ සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය මගින් ප්‍රතිලාභ ලැබිය යුතු සියලු දෙනාටම දීමනා ලබා දීමට රජය කටයුතු කරනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම් ඇති කරගෙන, රජය දීමනා කප්පාදු කරනවා කියා ඇතැමුන් අසත්‍ය ප්‍රචාර කරනවා. රජයට අවශ්‍ය දැනට සුබසාධන දීමනා ලැබෙන කණ්ඩායම මෙන්ම සුබසාධන දීමනා නොලබන නමුත් එය අපේක්ෂා කරන කණ්ඩායම නිවැරැදි ක්‍රමවේදයට ඇතුළත් කර ගැනීමයි.
මෙය හැකි ඉක්මනින් සිදු කරනවා. මේ වසර අවසානය වෙද්දි සියලු තොරතුරු එක්රැස් කරලා අවශ්‍ය, සුදුසු, නිවැරැදි කොනාට දීමනාව ලබාදීම අපේ අපේක්ෂාවයි.

කිසිවෙක් අතහැරෙන්න දෙන්න එපා, කියන ජාතික වගකීමට අපි එකතු වෙලා ඉන්නේ. දැනට මහජන ආධාර, සුබසාධන දීමනා ලැබෙන, ආබාධිත දීමනා ලැබෙන කණ්ඩායමක් ඉන්නවා. ඔවුන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංච් වීම අනිවාර්ය වෙනවා. දැනට සුළු ප්‍රතිලාභීන් පිරිස ලියාපදිංච් වී තිබෙන්නේ. ඒ නිසයි අපි ලියාපදිංචිය දීර්ඝ කරලා තිබෙන්නේ. මේ දිනය තවත් දීර්ඝ කරනවා කියන්නේ ප්‍රතිලාභ ලැබෙන දිනයත් කල් යනවා. මෙය කඩිනමින් සිදු කළ යුතුයි.

ඒ සඳහා අපට දත්ත පද්ධතියක් අවශ්‍ය වෙනවා. මෙම අයදුම්පත් ලබාගැනීම මගින් සිදු කරන්නේ එම දත්ත පද්ධතිය සකස් කිරීමයි. දැනට ප්‍රතිලාභ ලැබෙන ජනතාවත් මේ සඳහා ලියාපදිංචි වීම අනිවාර්යයි. මෙම කාරණාව විනිවිදභාවයකින් සිදු කිරීමට අපි දත්ත පද්ධතික් සකස් කරලා තිබෙන්නේ. මේ සඳහා ගමේ තරුණ තරුණියන්ට විශාල වගකීමක් තිබෙනවා.

ගමේ අසරණ ජනතාව පිළිබඳ සොයා බලා ඔවුන් පිළිබඳව දැනුවත් කිරීමටත් හැකියාව තිබෙනවා. වැඩිහිටියන්, ආබාධ සහිත පුද්ගලයින්, වකුගඩු රෝගීන්, අසරණභාවයට පත්වූ පවුල් සමහර ගම් පළාත්වල සිටිනවා. ඒ සියලු දෙනාම මෙම දත්ත පද්ධතියට ඇතුළත් කර ඔවුන්ව රැක බලා ගැනීම සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය මගින් සිදු කරනවා.

මේ අයදුම්පත්‍රය ලබා දුන් පසුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ගොස් එම පවුල් පිළිබඳ සොයා බලා ඉදිරි කටයුතු සිදු කරනවා. මෙහි ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් තිබෙනවා. ඒ අනුව ඔවුන් දත්ත පද්ධතියට ඇතුළත් වෙනවා. මේ ක්‍රියාවලියේදී තමන් තෝරා නොගත හොත් අභියාචනාවක් ඉදිරිපත් කිරීමටත්, නුසුදුස්සෙක් පද්ධතියට ඇතුළත් වී තිබෙනවා නම් විරෝධතාවක් ගොනු කිරීමටත් හැකියාව තිබෙනවා. මේ සියලු කාරණා සිදු කරන්නේ කිසිදු කෙනකුගේ දීමනා කප්පාදු කිරීමට නොවෙයි. විනිවිදභාවයකින් ප්‍රතිලාභ දීමනා ලබාදීම සඳහායි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *