ලංගම බස් රථ අවභාවිත නඩුවෙන් රිෂාඩ් බද්යුදීන් ඇතුළු 3 දෙනෙකු මුදා හරින්නැයි නියෝග

ලංගම බස් රථ අවභාවිත නඩුවෙන් රිෂාඩ් බද්යුදීන් ඇතුළු 3 දෙනෙකු මුදා හරින්නැයි නියෝග

ලංගම බස් රථ අවභාවිත නඩුවෙන් රිෂාඩ් බද්යුදීන් ඇතුළු 3 දෙනෙකු මුදා හරින්නැයි නියෝග

ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ අවභාවිත කළ බවට වන නඩුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන් මහතා ඇතුළු පිරිස මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා (06) නියෝග කළා.

මහජන මුදල් අවභාවිත කරමින් සහ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් 2015 ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සදහා අවත්නැන්වූවන් ප්‍රවාහනය කළ බවටයි රිෂාඩ් බද්යුදීන් මහතා ඇතුළු තුන්දෙනෙකුට චෝදනා එල්ල වුණේ.

ලංගම බස් රථ 222ක් මගින් තම ඡන්ද කොට්ඨාසය වන සිලාවතුරට පුද්ගලයන් දොළොස්දහස් හයසිය විසිදෙනෙකු රැගෙන ගොස් ඇති බවයි ප්‍රකාශ වුණේ. ඒ සදහා රුපියල් ලක්ෂ අනූපහකට වැඩි මුදලක් ගෙවමින් රජයේ මුදල් අවභාවිත කළ බවට මෙම නඩුව පවරා තිබුණා.

රිෂාඩ් බද්යුදීන් මහතා සහ එවකට ව්‍යාපෘති අධ්‍යක්ෂ සම්සුඩීන් මොහොමඩ් යාසීර් සහ අමාත්‍යාංශයේ හිටපු ගණකාධිකාරී අලගරත්නම් මනෝරංජන් යන අය මෙම නඩුවෙන් නිදහස් කෙරුණා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *