රු.මිලියන 226කට අධික මුදලක්, ඇ.ඩො 60,000ක්, ඕස්ට්‍රේලියා.ඩො ලක්ෂයක් සහ රන් භාණ්ඩ වංචා කළ කාන්තාවක් රක්ෂිත බන්ධනාගාරයට

මත්පෙති ජාවාරමේ යෙදුණු දොස්තර රක්ෂිත බන්ධනාගාරයට

මත්පෙති ජාවාරමේ යෙදුණු දොස්තර රක්ෂිත බන්ධනාගාරයට

කොළඹ ලෝක වෙළෙද මධ්‍යස්ථානයේ සුඛෝපභෝගී කාර්යාලයක් පවත්වාගෙන යමින් රුපියල් කෝටි ගණනක් වංචා කළ බව කියන කාන්තාවක ලබන 19වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

රුපියල් මිලියන 226කට අධික මුදලක්, ඇමෙරිකා ඩොලර් හැටදහසක්, ඕස්ට්‍රේලියා ඩොලර් ලක්ෂයක් සහ රන් භාණ්ඩ වංචා කළ බවට මෙලෙස චෝදනා එල්ල වූයේ ට්‍රයිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිනිය වන තිළිණි ප්‍රියමාලි යන අයටයි.

සැකකාරියගේ ව්‍යාපාරික ස්ථානය අසල ව්‍යාපාර පවත්වාගෙන යන ව්‍යාපාරිකයන්ගෙන් මෙම මුදල් ලබාගෙන ඇති බව ඇය අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව දන්වා සිටියා. සැකකාරියට මෙවැනි නඩු 8ක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

විශාල මුදලක් ගෙවමින් ලෝක වෙළෙද මධ්‍යස්ථානයේ ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යමින් ව්‍යාපාරිකයන්ට හිතවත් වෙමින් මෙම මුදල් වංචා කර ඇති බවයි හෙළි වුණේ.

ඇය එම මුදල් ව්‍යාපාරවලට යෙද වූ බව තහවුරු නොවීම හේතුවෙන් පැමිණිලිකරුවන් මුදල් යළි ඉල්ලා සිටීමේදී අගරු චෙක්පත් භාර දී තිබෙනවා. ප්‍රකට දේශපාලනඥයෙකුද ඇයගේ ව්‍යාපාරවල ආයෝජනයට මුදල් ලබා දී ඇති බවත් පළමු පැමිණිලිකරු ඔහුගේ හැදුනුම්කම මත මෙම මුදල් ලබා දී ඇති බවත් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණයට දන්වා සිටියා.

සැකකාරිය කෝටිපති ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ලබාගෙන ඇත්තේ ඇය ප්‍රසිද්ධ ව්‍යාපාර හිමිකාරිනියක් බවට වැටහෙන සේ කටයුතු කරමින් බවයි ජනාධිපති නීතිඥවරයා පැවසුවේ. විත්තිකාරිය වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥවරයා අධිකරණය හමුවේ පැවසුවේ ඇයට ඩුබායි රාජ්‍යයේද ව්‍යාපාර ඇති බවයි.

එහෙත් රටේ තත්ත්වය හමුවේ සියල්ල බිද වැටී ඇති අතර කොටස් තුනකින් මුදල් ගෙවීමට එකගතාව පළ කරන බවද පැවසුවා. සැකකාරියට එරෙහිව නඩු දෙකක් ඉදිරිපත් වූ අතර අතර ඇය ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *