කෝටියකට අධික මුදලක් යොදවා නවීකරණය කළ හෝටලය CID භාරයට

කෝටියකට අධික මුදලක් යොදවා නවීකරණය කළ හෝටලය CID භාරයට

කෝටියකට අධික මුදලක් යොදවා නවීකරණය කළ හෝටලය CID භාරයට

කොළඹ 6, රාමක්‍රිෂ්ණ පාරේ පවත්වාගෙන යන හෝටලයක් නවීකරණය කර පවත්වාගෙන යෑම සඳහා යෙදවූ රුපියල් කෝටියකට අධික මුදල උපයාගත් ආකාරය පිළිබඳව පරීක්‍ෂණයක් ක්‍රියාත්මක නිසා එම හෝටලය සහ එහි භෞතික සම්පත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ, නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය භාරයට (07) ගෙන තිබේ.

බොරලැස්ගමුව ප්‍රදේශයේ පුද්ගලයෙක් එම හෝටලය පවත්වාගෙන යන බවත් එම පුද්ගලයාගේ පියා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වීම නිසා ඔහු ඉපයූ මුදල්වලින් මෙම හෝටලය පවත්වාගෙන යන්නේ යැයි විශ්වාස කළ හැකි සාධාරණ හේතු ඇති බවත් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ සහකාර අධ්‍යක්‍ෂ සහකාර පොලිස් අධිකාරී ඒ. කේ. වයි. දහනායක මහතා එහි හිමිකරුට දැනුම්දී තිබේ.

ඒ අනුව එම දේපළ කිසියම් තැනැත්තෙකුට විකිණීම, පැවරීම හෝ වෙනත් ක්‍රියාදාමයක් කිරීම තහනම් බව වැඩි දුරටත් දැනුම් දී තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *