ගෝලීය වරාය සංසදයේ සමුළුවේ දී ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට සම්මානයක්

ගෝලීය වරාය සංසදයේ සමුළුවේ දී ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට සම්මානයක්

ගෝලීය වරාය සංසදයේ සමුළුවේ දී ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට සම්මානයක්

‘‘වසරේ වරාය අධිකාරිය – 2021’’ ලෙස සම්මාන ලැබීමට ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය සමත් වෙයි. ඒ 2022 සැප්තැම්බර් මස 28වන දින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හිදී පැවැති ගෝලීය වරාය සංසදයේ සමුළුවේ දීය.

ජාත්‍යන්තර මට්ටමේ වරායකට හිමිවන මෙම සම්මානය සඳහා ඔවුන් විසින් සිය සේවාදායකයින්ගේ තෘප්තිය වැඩිදියුණු කිරීමට ගන්නා ක‍්‍රමෝපාය, ප‍්‍රගතිශීලි හා සංවර්ධනාත්මක ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීම හා පාරිසරික ස්ථායීතාවය වැනි කරුණු සැළකිල්ලට ගනියි. මෙලෙස ගෝලීය සම්මානයකට පාත‍්‍රවීම තුළ අවධාරණය වන්නේ ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය ගෝලීය හා ජාත්‍යන්තර වෙළෙඳ නාවික ක්ෂේත‍්‍රය තුල ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ වෙළෙඳ ප‍්‍රවර්ධන කටයුතු ඇගයීමටකට ලක්ව ඇති බවයි.

මෙම සමුළුව සඳහා ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය නියෝජනය කරමින් කළමණාකාර අධ්‍යක්‍ෂ – උපුල් ජයතිස්ස, මෙහෙයුම් අධ්‍යක්‍ෂ – ලාල් වීරසිංහ යන මහත්වරුන් සහභාගි විය. ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ජයග‍්‍රහණය කරන ලද ‘‘වසරේ වරාය අධිකාරිය – 2021’’ සම්මානය ගෝලිය වරාය සංසදයේ විධායක සභාපති තෝමස් එන්ජි මහතාගේ අතින් ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ කලමණාකාර අධ්‍යක්‍ෂ උපුල් ජයතිස්ස මහතා විසින් ලබා ගන්නා ලදී.

ගෝලීය වරායන් හී වර්ධනයන් වෙනුවෙන් හා සාමාජික වරායන්හි පාරිසරික පද්ධතීන් වෙනුවෙන් එක්ව කටයුතු කිරීමටද ගෝලීය වරාය සංසදය කැපවී සිටී.
වෙළෙඳ කේන්ද්‍රයක් ලෙස ඩුබායි හි ඇති වැදගත්කම සැළකිල්ලට ගනිමින් ගෝලීය වරාය සංසදය හා ගෝලීය වරාය සංසදයේ සම්මාන උළෙල වෙනුවෙන් එහි කමිටු සාමාජිකයින් විසින් නොයෙකුත් ක‍්‍රියාමාර්ග ගනිමින් සිටී.

මෙම සම්මාන උළෙලේ මූලිකම අරමුණ වන්නේ වෙළෙඳ නාවික ක්‍ෂේත‍්‍ර‍්‍රයේ නොයෙක් අංශ තුළ සිටින නොයෙක් වෘත්තීකයින් හා සංවිධාන එකම ස්ථානයක දී හඳුනාගැනීමට අවස්ථාවක් සළසා දීමයි.

ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය විසින් වසරේ හොඳම වරාය සම්මානය ප‍්‍රථම වරට 2018 වසරේ දී ලබාගත් අතර 2020 වසරේ දී මෙම සම්මානය හිමිවූයේ වසරේ හොඳම යටිතල පහසුකම් සංවර්ධනය කල වරාය ලෙසටය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *