රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සැපයුම්කරුවන්ට සහ ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකට රු.කෝටි 428ක් ගෙවා නෑ

කල් ඉකුත්වීම සහ හානිවූ ඖෂධ හේතුවෙන් SPCයට 2022දී කෝටි 15කට වැඩි පාඩුවක්

කල් ඉකුත්වීම සහ හානිවූ ඖෂධ හේතුවෙන් SPCයට 2022දී කෝටි 15කට වැඩි පාඩුවක්

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව දේශීය වෙළඳපොළෙන් ඇණවුම් කර තිබූ ඖෂධ ඇතුළු වෛද්‍ය සැපයුම් වෙනුවෙන් සැපයුම්කරුවන්ට සහ ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකට රුපියල් කෝටි 428ක පමණ මුදලක් ගෙවා නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

ඖෂධ සැපයුම්කරුවන්ට රුපියල් කෝටි 311ක මුදලක්ද මහජන බැංකුවට රුපියල් කෝටි 92ක මුදලක්ද ලංකා බැංකුවට රුපියල් කෝටි 25ක මුදලක්ද මෙලෙස ගෙවා නොමැත.

මේ තොරතුරු සඳහන් වන්නේ රජයේ රෝහල්වල(මේ වසරේ මැයි මාසය වනවිට) ඖෂධ හිඟය සහ එය මඟහරවා ගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ විගණන වාර්තාවේය.

මේ අතර රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වෛද්‍ය සැපයුම් අංශයේ ඇණවුම් වෙනුවෙන් ණයවර ලිපි නිකුත් කිරීම සඳහා සැපයුම්කරුවන්ට ගෙවීමට සහ ආනයන හා නිෂ්කාශන කටයුතු සඳහා රුපියල් කෝටි 713ක්ද වෛද්‍ය සැපයුම් වෙනුවෙන් ලබාගත් බැංකු අයිරා පහසුකම් පියවීම සඳහා රුපියල් කෝටි 1598ක්ද අවශ්‍යවී පවතින බව එම සංස්ථාව තොරතුරු ඉදිරිපත් කර ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

විනිමය හිඟය හේතුවෙන් සංස්ථාවට සැපයුම් 24කට අදාළව ඇමරිකානු ඩොලර් හතළිස් ලක්ෂයක්ද යුරෝ තුන් ලක්ෂයක්ද ඩෙන්මාර්ක් ක්‍රෝන් විසිපන් ලක්ෂයක්ද වටිනා විදේශ ණයවර ලිපි විවෘත කිරීමට නොහැකිව පැවතුණු බවද එම විගණන වාර්තාවේ සඳහන් වේ.

ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට යොමුකරන ඇණවුම්වල ක්‍රියාකාරිත්වය හා ප්‍රගතිය නිරන්තරයෙන් අධීක්ෂණය කිරීමේ ක්‍රියාවලියක් පසුගිය වර්ෂ ගණනාවක සිට නොතිබීම සහ ප්‍රසම්පාදන කාලසටහනකට අනුව කටයුතු කර නොතිබීම යන කරුණුද රටේ ඖෂධ හිඟයක් ඇතිවීමට ප්‍රධාන වශයෙන් හේතුවුණු බව එම වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *