අධි ආරක්ෂිත කලාප අවලංගු කරමින් නව ගැසට් නිවේදනයක්

අධි ආරක්ෂිත කලාප අවලංගු කරමින් නව ගැසට් නිවේදනයක්

අධි ආරක්ෂිත කලාප අවලංගු කරමින් නව ගැසට් නිවේදනයක්

අධි ආරක්ෂිත කලාප ප්‍රකාශයට පත්කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය (01) සිට අවලංගු කෙරෙනවා.

පැරණි ගැසට් නිවේදනය අවලංගු කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා (01) නව ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ගැසට් නිවේදනයක් මගින් අධි ආරක්ෂිත කලාප ප්‍රකාශයට පත්කළා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාන රැසක් අධි ආරක්ෂිත කලාප ලෙස නම් කෙරුණා. පාර්ලිමේන්තු සංකීර්ණය හා ඒ අවට ප්‍රදේශ,ශ්‍රේෂ්ඨාධිකරණය හා ඒ ආශ්‍රිත ප්‍රදේශය, ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, නාවික හමුදා හා පොලිස් මූලස්ථාන, අකුරේගොඩ පිහිටි ආරක්ෂක අමාත්‍යාංශය හා යුද හමුදා මූලස්ථානය යන ප්‍රදේශ අධි ආරක්ෂිත කලාප ලෙස නම් කෙරුණා.

එමෙන්ම කොම්පඤ්ඤවීදියේ පිහිටි ගුවන් හමුදා මූලස්ථානය, මල්පාර,අග්‍රාමාත්‍ය කාර්යාලය, කොල්ලුපිටිය අරලියගහ මන්දිරයට ආශ්‍රිත ප්‍රදේශය, ආරක්ෂක ලේකම් වරයාගේ හා ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ නිල නිවාස පිහිටි ප්‍රදේශද අධි ආරක්ෂිත කලාප ලෙස එම ගැසට් නිවේදනයේ නම් කර තිබුණා.

මෙම ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද ගොනු කෙරුණා. කෙසේ වුවද අධි ආරක්ෂිත කලාප ප්‍රකාශයට පත්කරමින් පසුගියදා නිකුත් කළ එම ගැසට් නිවේදනයයි (01) නව ගැසට් නිවේදනයක් මගින් අහෝසි කර ඇත්තේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *