ඉහළ ගුණාත්මකභාවයකින් යුත් ත්‍රිපෝෂ අඛණ්ඩව සැපයීමට පියවර ගන්නා – සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල

ඉහළ ගුණාත්මකභාවයකින් යුත් ත්‍රිපෝෂ අඛණ්ඩව සැපයීමට පියවර ගන්නා - සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල

ඉහළ ගුණාත්මකභාවයකින් යුත් ත්‍රිපෝෂ අඛණ්ඩව සැපයීමට පියවර ගන්නා - සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල

මෙරට දරුවන් හා මව්වරුන්ට ඉහළ ගුණාත්මකභාවයකින් යුත් ත්‍රිපෝෂ අඛණ්ඩව සැපයීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.

එවැනි පෝෂණ අතිරේකයක් දරුවන්ට ලබා දෙන දකුණු ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව බවද ඇමතිවරයා කීය. මේ සඳහා අවශ්‍ය උපරිම ප්‍රතිපාදන භාණ්ඩාගාරයෙන් වෙන් කරන බවද ඔහු සඳහන් කළේය.

ඇමතිවරයා මේ බව පැවසුවේ ත්‍රිපෝෂ සම්බන්ධයෙන් පසුගිය දිනවල පළවූ වාර්තා පිළිබඳව කරුණු සොයා බලා සාකච්ඡා කිරීම සඳහා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවක දීය.

ත්‍රිපෝෂ සඳහා වන අමුද්‍රව්‍ය සපයා ගැනීමේදී රජයට අමතරව පෞද්ගලික අංශයේ ඇතැම් ආයතනද එකඟවී ඇතැයි අමාත්‍යවරයා කීය.

රට තුළ ත්‍රිපෝෂ වැඩසටහනේ කිසිදු කඩා කඩාවැටීමක් නොමැති බවත්, ආහාර උද්ධමනයක් ඇතිවීම වැළැක්වීම සඳහා ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බව අමාත්‍යවරයා පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *