රු.කෝටි 532ක බදු වංචාවකට අර්ජුන් ඇලෝසියස්ට සිතාසි

රු.කෝටි 532ක බදු වංචාවකට අර්ජුන් ඇලෝසියස්ට සිතාසි

රු.කෝටි 532ක බදු වංචාවකට අර්ජුන් ඇලෝසියස්ට සිතාසි

රුපියල් කෝටි 532ක ආදායම් බදු මුදලක් රජයට නොගෙවා පැහැරහැරීමේ සිද්ධියකට අදාළව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් යන අයට ලබන 03 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. ඉලංගසිංහ මහතා සිතාසි නිකුත් කර ඇත.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ගොනු කරන ලද නඩුවකට අදාළව මෙම අධිකරණය සිතාසි නිකුත් විනි.

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම රුපියල් කෝටි 532 (5,328,428,555/=) බදු මුදලක් නොගෙවා පැහැර හැරීමෙන් රජයට වංචාවක් සිදුකළේ යැයි දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ එහි අධ්‍යක්ෂ ධුරය දරන අර්ජුන් ඇලෝසියස් යන අයට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *