දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ඉදිරියේදී විශාල වැඩකොටසක් කිරිමට බලාපොරොත්තුවෙනවා – රෝහිණි කවිරත්න

දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ඉදිරියේදී විශාල වැඩකොටසක් කිරිමට බලාපොරොත්තුවෙනවා - රෝහිණි කවිරත්න

දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ඉදිරියේදී විශාල වැඩකොටසක් කිරිමට බලාපොරොත්තුවෙනවා - රෝහිණි කවිරත්න

දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ඉදිරියේදී විශාල වැඩකොටසක් කිරිමට බලාපොරොත්තු වෙන බව ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපතිනී පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණි කවිරත්න මහත්මිය පැවසුවාය.

විශේෂයෙන් මෙරට දරුවන්ගේ සෞඛ්‍ය හා පෝෂණය, ආරක්ෂාව, අධ්‍යාපනය, අයිතිවාසිකම් මෙන්ම දරුවන් සම්බන්ධ ආයතනවල ක්‍රියාත්මක වන වෘත්තීන්වල ගුණාත්මකභාවය පිළිබඳවද අවධානය යොමු කිරිමට තම සංසදය බලාපො‍රොත්තු වන බවද සභාපතිනිය පැවසුවාය.

දරුවන් සම්බන්ධව සෘජු වගකීමක් ඇති අමාත්‍යාංශ වන කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය යන අමාත්‍යාංශ සහ ඒ යටතේ ක්‍රියාත්මක වන ආයතන සමග ඉදිරියේදී වඩාත් සක්‍රීයව කටයුතු කිරීමටද අපේක්ෂා කරන බවද කවිරත්න මහත්මිය සඳහන් කළාය.

කවිරත්න මහත්මිය මේ බව සඳහන් කළේ ඔක්තොබර් 1 වැනිදාට යෙදෙන ලෝක ළමා දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමිනි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *