සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුන්ට සෞදි අග්‍රාමාත්‍ය ධුරය හිමිවිය

සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුන්ට සෞදි අග්‍රාමාත්‍ය ධුරය හිමිවිය

සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුන්ට සෞදි අග්‍රාමාත්‍ය ධුරය හිමිවිය

ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරුන්ට සෞදි අග්‍රාමාත්‍ය ධුරය හිමිවී ඇත. ඒ, කුමරුන්ගේ පියා සල්මාන් රජුගේ මැදිහත් වීමෙන් සිදුවුණු කැබිනට් මණ්ඩල සංශෝධනයකදීය.

සල්මාන් රජු අයහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බැවින්, වසර ගණනක් තිස්සේ, සෞදියේ නිල නොවන රජු ලෙස සැලකෙන්නේද ඔටුන්න හිමි සල්මාන් කුමරුන්ය.

අග්‍රාමාත්‍ය ධුරය හිමිවීමට පෙර, සල්මාන් කුමරුන් සෞදි ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. අග්‍රාමාත්‍ය ධුරයට පත් වීමෙන් පසු ආරක්ෂක අමාත්‍ය ධුරය කලීඩ් බින් සල්මාන්ට හිමිවිය.

කලීඩ් බින් සල්මාන් යනු සල්මාන් කුමරුන්ගේ බාල සොහොයුරාය. සල්මාන් කුමරු ආරක්ෂක අමාත්‍ය ධුරය හොබවද්දී, නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ කලීඩ් බින් සල්මාන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *