ජාතික සභාව පත් කළ යුතුව තිබුණේ අගමැතිවරයා හා ඇමති මණ්ඩලය පත්කිරීමට පෙරයි; ශ්‍රීලනිපය ජාතික සභාවට නෑ

ජාතික සභාව පත් කළ යුතුව තිබුණේ අගමැතිවරයා හා ඇමති මණ්ඩලය පත්කිරීමට පෙරයි; ශ්‍රීලනිපය ජාතික සභාවට නෑ

ජාතික සභාව පත් කළ යුතුව තිබුණේ අගමැතිවරයා හා ඇමති මණ්ඩලය පත්කිරීමට පෙරයි; ශ්‍රීලනිපය ජාතික සභාවට නෑ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික සභාවට එක්නොවන බව එම පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ජනාධිපතිවරයා ජාතික සභාව පත් කළ යුතුව තිබුණේ අගමැතිවරයා හා ඇමති මණ්ඩලය පත්කිරීමට පෙර බවත්, මුලින් ජාතික සභාව පත්කර ඉන් අනතුරුව එය හා සාකච්ඡා කර අදාළ පත්කිරීම් කළ යුතුව තිබූ බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

නමුත් ජනාධිපතිවරයා විශාල කැබිනට් මණ්ඩලයක් ද පත්කිරීමෙන් පසු ජාතික සභාවක් ඇතිකිරීමට යන බවත්, එවැනි වැඩපිළිවෙලකට දායක විය නොහැකි බවත් හෙතෙම සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී (28) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *