ලිට්‍රෝ ගෑස් ලෝක බැංකුවෙන් ලැබුණු රු.කෝටි 2600 ණය මුදලින් රු.කෝටි 650ක් භාණ්ඩාගාරයට ගෙවයි

ලිට්‍රෝ සමාගමෙන් කෝටි 150ක් මහා භාණ්ඩාගාරයට පිරිනමයි

ලිට්‍රෝ සමාගමෙන් කෝටි 150ක් මහා භාණ්ඩාගාරයට පිරිනමයි

ගෑස් සැපයුම පවත්වාගෙන යෑම සඳහා ලෝක බැංකුවෙන් ලැබුණු ඩොලර් මිලියන 70ක (රුපියල් කෝටි 2600) ණය මුදලින් රුපියල් කෝටි 650 ක් භාණ්ඩාගාරයට ගෙවූ බවත් එම සම්පූර්ණ ණය මුදල දෙසැම්බර් මාසයේ භාණ්ඩාගාරයට ගෙවා අවසන් කරන බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා (28) පැවසීය.

එම ණය මුදලේ පළමු කොටස පසුගිය ජූලි මස ලිට්‍රෝ සමාගමට ලැබීමෙන් පසුව එහි මැද කොටසෙන් ගෑස් සඳහා ගෙවීම් කරමින් සිටින බව කී පීරිස් මහතා අවසන් ණය කොටස ලැබෙමින් තිබෙන බවද සඳහන් කළේය.

එම ණය මුදලේ තවත් කොටසක් ලෙස ඔක්තෝබර් මස රුපියල් බිලියන 8ක් (කෝටි 800) ගෙවීමටද බලාපොරොත්තු වන බවත් එම ණය වසර 10 කට අධික කාලයක් ඇති දීර්ඝ කාලීන ණයක් වුවද භාණ්ඩාගාරයට පියවීම ආරම්භ කිරීම ලිට්‍රෝ සමාගම රට මුහුණ දී සිටින මූල්‍ය අර්බුදය හමුවේ හොඳින් කළමනාකරණය කරන බවට කදිම නිදසුනක් බවත් පීරිස් මහතා කීය.

ලෝක බැංකුව ලබාදුන් ඩොලර් මිලියන 70ක ණය සම්පූර්ණයෙන් ලබාගැනීමට පෙර රටේ එහි හිමිකරුවන මහා භාණ්ඩාගාරයට ගෙවීමට හැකිවීම පිළිබඳව සතුටුවන බවද ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා වැඩි දුරටත් කීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *