කන්න නෑ..මිනිස්සුන්ට ජීවත් වෙන්න විදිහක් නැහැ.. නමුත් සුරපුරයක් – මැල්කම් කාදිනල් රංජිත් හිමි

ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුව, රජය, ජනාධිපතිතුමා බැඳී සිටිනවා

ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුව, රජය, ජනාධිපතිතුමා බැඳී සිටිනවා

ආණ්ඩුවට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පිළිතුරු ලබාදීම සඳහා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම කටයුතු කළ යුතු බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

මත්තුමගල ශ්‍රී හෘදය දේවස්ථානයේ පැවති දේවමෙහෙයකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.

ලංකාවේ දිළින්දන් සංඛ්‍යාව වැඩිවෙලා තියෙනවා. මහ පාරවල් හැදුවට, මහන්තත්ත්වකම ප්‍රකාශ කරන්න මහ කුලුනු හැදුවට, ලෝකෙට පම්පෝරි ගහන්න ගුවන් තොටුපළවල් හැදුවට, එක ගුවන් යානයක්වත් නතර වෙන්නෙ නැති ගුවන් තොටුපළවල් හැදුවට ලංකාවේ බොහෝ දෙනෙක් කන්න වේලක් නැතුව ජීවත් වෙන තත්ත්වයට ඇදවැටිලා.

සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න කියලා ඒගොල්ලො ලෑස්ති වෙනවලු නත්තලට කොළඹ නගරය සුරපුරයක් වගේ පෙන්වන්න.
කන්න නෑ.. නමුත් සුරපුරයක්.. මිනිස්සුන්ට ජීවත් වෙන්න විදිහක් නැහැ.. නමුත් සුරපුරයක්.. නායකයො සන්තෝසෙන් ඉන්නවා.

නායකයන්ට ගැම්මක් නෑ.. මේ මිනිස්සු කෑවද..? බිව්වද…? ඇන්දද…? රැකියාව කෙරුවද..? පාර්ලිමේන්තුවෙන් හොඳට කාලා බීලා සමහර අයට ඇඳුම් ඇඳගන්නත් බැරි තරමට මහත් වෙලා. මෝඩ කතා කිය කිය මිනිස්සුන්ව මෝඩයට අන්දවමින් 225 දෙනා හැසිරෙන්නෙ මොන්ටිසෝරියක පුංචි ළමයි වගේ. ලෝකයේ හැම රටකටම ගිහිල්ලා හිඟා කන රටක් ලංකාව.

බොරු ශෝ කරලා ෑපචඑහ චදජනැඑග සල්ලි මුද්‍රණය කර කර බෙදනවා. මෙහෙම බෑ රටක් කරන්න. මගේ පියතුමන්ලා කිහිප දෙනෙක්ම මට කිව්වා දහම් පාසලට එන ළමයින්ට ඉස්සෙල්ලම කන්න දෙන්න ඕනෙ, නැත්නම් කලන්තෙ දානවා කියලා. ඉගෙන ගන්නෙ කොහොමද…? අඩු ගානේ බඩේ මොකක් හරි ජීර්ණය වෙන්න කෑමක් වැටිලා නැත්නම්.

අහස උසට කුලුනක් හදලා ඒකෙන් කොමිස් ගැහැවුවත් ඒකෙන් මුකුත් නෑ. ඒ සල්ලි කොහේ ගිහාද කියලා නෑ. අහස උසට කුලුනක් ගැහුවා කියලා ලංකාව දියුණුයි කියන්න බෑ.

ලංකාව ඒ දවස්වල කිව්වනෙ ආසියාවේ ආශ්චර්යය කියලා. ඔන්න දැන් ආශ්චර්යය. අපි ඉල්ලා සිටිනවා, මැතිවරණ කොමිසමෙන්, කරුණාකරලා ලබන මාර්තු පැවැත්වීමට නියමිත ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්න. එය අපේ අයිතිවාසිකමක්. එතකොටවත් මේ ආණ්ඩුවට අපිට උත්තර දෙන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *