උද්ඝෝෂණයක්, හෝ පෙළපාලියක් පවත්වන්නේ නම් පැය 6කට කලින් අවසර ගන්න – ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය

උද්ඝෝෂණයක්, හෝ පෙළපාලියක් පවත්වන්නේ නම් පැය 6කට කලින් අවසර ගන්න - ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය

උද්ඝෝෂණයක්, හෝ පෙළපාලියක් පවත්වන්නේ නම් පැය 6කට කලින් අවසර ගන්න - ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය

යම් ස්ථානයක උද්ඝෝෂණයක්, හෝ පෙළපාලියක් පවත්වන්නේ නම් රටේ ක්‍රියාත්මක නීතියට අනුව ඒ සම්බන්ධයෙන් පැය හයකට පෙර පොලිසිය හෝ ආරක්ෂක අංශ දැනුවත් කර පූර්ණ අනුමැතිය ලබා ගත යුතු බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා (26) පැවසීය.

පැය 6 අවසර එසේ අවසර ගන්නේ නම්, කිසිදු ගැටළුක් ඇති නොවන බවට ඉතා වගකීමෙන් පවසන බවට අමාත්‍යවරයා කීය.

දැන් පැවැත්වෙන කිසිදු විරෝධතා, උස්ඝෝෂණ පැවැත්වෙන්නේ එලෙස අවසර නොගෙන බවත්, ජන ජිවිතයට බාධා එල්ල වන එවැනි උද්ඝෝෂණ, පෙළපාලි හෝ විරෝධතා නීති ප්‍රකාරව මැඩපැවැත්වීමට ආරක්ෂක අංශ කටයුතු කරන බවද අමාත්‍යවරයා කියා සිටියේය.

අභියෝගකාරි පසුබිමක් තුළ රට තුළ කැළබිළි තත්ත්වයක් නිර්මාණය කිරීමට සිමිති පිරිසක් කටයුතු කරන බවත්, දේශපාලන න්‍යාය ප්‍රත්‍ර වලට විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම්, සහ අන්තගාමී වෘත්තිය සමිති පිරිස් මෙහි මුල්තැන ගෙන කටයුතු කරන බවද අමාත්‍යවරයා කියා සිටියේය.

ජනතාවට විරෝධතා පැවැත්වීමට, උද්ඝෝෂණය කිරීමට ඇති අයිතිය රජය පිළිගන්නා බවත්, ඒවාට ගරු කරන බවත්, නමුත් කිසිදු උද්ඝෝෂණයක්, පෙළාපාලියක් හෝ විරෝධතාවක් නිසා සාමාන්‍ය ජන ජීවිතයට, ආර්ථිකයට බාධාවක් නොවිය යුතු බවද හෙතෙම කියා සිටියේය.

කුමන තත්ත්වයක් යටතේ වුවද රටේ මහජන; සාමය වෙනුවෙන් පනවා ඇති නීති කඩකරමින්, ජනතාවය බාධා වන පරිදි වගකීම් විරහිතව හැසිරිමට කිසිදු පාර්ශවයකට ඉඩදින නොහැකි බවත්, මේ සම්බන්ධයෙන් රජය වගකීමෙන් කටයුතු කරන බවද අමාත්‍යවරයා කීය.

එසේ නොවුනහොත් මින්පෙර අත්විදි ආකාරයේ අරාජික, බියකරු, වාතාවරණයක් රටතුළ නිර්මාණය වීම, රජයේ හා පෞද්ගලික දේපොළ විනාශ කරන, ජීවිත හානිකරමින් කිසිදු පාලනයක් නොමැති සිදුවීම් නැවත ඇති වීමට ඉඩ ඇති බවද අමාත්‍යවරයා සදහන් කළේය.

පෙර ඇති වු එවැනි ක්‍රියාකාරකම් අවසානයේ පාර්ලිමේන්තුව වටලන මට්ටම දක්වා වර්ධන වන ආකාරයක් දුටු බවත්, එහි ඊළග පියවර වශයෙන් අධිකරණ පද්ධතිය ආක්‍රමණය කිරීමේ අවදානමක් තිබු බවද අමාත්‍යවරයා කීය.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිති බණ්ඩාර මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැ මාධ්‍ය හමුවකදීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *