සමාජවාදී තරුණ සංගමයේ විරෝධතාව අතරතුර විරෝධතාකරුවන් 84 දෙනෙකු අත්අඩංගුවට

සමාජවාදී තරුණ සංගමයේ විරෝධතාව අතරතුර විරෝධතාකරුවන් 84 දෙනෙකු අත්අඩංගුවට

සමාජවාදී තරුණ සංගමයේ විරෝධතාව අතරතුර විරෝධතාකරුවන් 84 දෙනෙකු අත්අඩංගුවට

සමාජවාදී තරුණ සංගමය (24) කොළඹදී සංවිධානය කර තිබූ විරෝධතාව අතරතුර විරෝධතාකරුවන් 84 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. කොළඹ පුරහල අසලින් ගමන් ආරම්භ කළ පාගමන කොළඹ කොටුව දක්වා ගමන් කිරීමට සැලසුම් කර තිබිණි.

කෙසේ වෙතත් විරෝධතාකරුවන් ඩීන්ස් පාර ඔස්සේ මරදාන දෙසට ගමන් කිරීමට උත්සහ කිරීමේදී පොලිසිය සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටදී කදුළු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාර එල්ල කර පාගමන විසුරුවා හැරීමට පියවර කටයුතු කළේය.

විරෝධතාව අතරවාරයේ තුවාල ලැබූ විරෝධතාකරුවන් 7 දෙනෙකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර ස්වාමීන් වහන්සේ දෙනමක්, පිරිමි පුද්ගලයින් 78 දෙනෙකු සහ කාන්තාවන් සිව් දෙනෙක් වෙති.

සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකරද අත්අඩංගුවට ගත් පිරිස අතර වන බව සඳහන්ය.
“අරගලයට නව ජවයක් – තරුණ බලය යළි කොළඹට” යන තේමාව යටතේ මෙම පාගමන සංවිධානය කර තිබිණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *