ඔක්තෝබර් සිට රුසියානු එයරොෆ්ලොට් නැවත මෙහෙයුම් අරඹයි

ඔක්තෝබර් සිට එයරොෆ්ලොට් නැවත මෙහෙයුම් අරඹයි

ඔක්තෝබර් සිට එයරොෆ්ලොට් නැවත මෙහෙයුම් අරඹයි

ආන්දෝලනයට තුඩු දුන් රුසියානු එයරොෆ්ලොට් ගුවන් සේවාව නැවත ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් ආරම්භ කිරීමට සූදානම් බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමත්‍යංශය සඳහන් කළේ, එයරොෆ්ලොට් ගුවන් සේවාව ශ්‍රී ලංකාව තුළ සිය ගුවන් මෙහෙයුම් එළඹෙන ඔක්තෝබර් 9වන දින සිට ආරම්භ කිරීමට නියමිත බවය.

එයරොෆ්ලොට් ගුවන් සේවාව නැවත ශ්‍රී ලංකාවේ ආරම්භ කරන ලෙස තමන් විසින් රුසියාවේ ෆෙඩරල් ගුවන් සේවා ආයතනයට කරන ලද ඉල්ලීම අනුව ඔවුන් ඊට එකඟ වූ බව (24) දැනුම් දුන්නේ යැයි විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවසීය.

“විශේෂයෙන් ම ඔවුන් ප්‍රකාශ කළේ, එසේ ගුවන් යානා පැමිණෙන්නේ නම්, එම ගුවන් යානා සඳහා අවශ්‍ය ඉන්ධන කටුනායක ගුවන්තොටුපළෙන් ඔවුන්ට ලබා දීම සඳහා අනිවාර්යයෙන් ම කටයුතු කළ යුතු බවය. එසේ නොකළහොත් ඔවුන්ට වෙනත් ගමනාන්තයකට ගිහිල්ලා ඉන්ධන ලබා ගනීමට් සිදුවන හෙයින් එසේ සිදුවන අමතර වියදම ශ්‍රී ලංකා රජය විසින් දැරිය යුතු බවයි.”

අමාත්‍යවරයා සඳහන් කළේ, දැනට ශ්‍රී ලංකාව සතුව අවශ්‍ය ප්‍රමාණයට ගුවන් යානා ඉන්ධන ඇති බැවින් එය එතරම් බරපතළ ප්‍රශ්නයක් නොවන බවය.

තමන් ඒ සම්බන්ධයෙන් තමන් මුදල් අමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා දැනුවත් කර ඔවුන්ගේද එකඟතාව මත අදාළ කොන්දේසිවලට එකඟ වන බව තමන් දැනුම් දුන්නේ යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *