විහාරස්ථානයක මාසික විදුලි පරිභෝජනය ඒකක 8,500ක්; විදුලි බිල රුපියල් ලක්‍ෂ පහමාරයි

0
විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාවලියක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන්දියාවේ ප්‍රසිද්ධි සංචාරක යූටියුබ් නාලිකාවක් පවත්වාගෙන යනු ලැබූ 33 හැවිරිදි ජෝති මල්හෝත්‍රා නම් තරුණියක් ඇතුළු පිරිසකි. ඇය ඇතුළු පිරිස විසින් ඉන්දීය හමුදා තොරතුරු පාකිස්තානය සමග බෙදා ගෙන ඇති බවට මේ වන විට ඉන්දීය ආරක්ෂක අංශ විසින් අනාවරණය කරගෙන තිබේ. ඉන්දීය ආරක්ෂක අංශ විසින් අනාවරණය කරගෙන ඇති පරිදී ජෝති මල්හෝත්‍රා විසින් 2023 වසරේදී දෙවරක් පාකිස්තානය වෙත ගොස් ඇති බවත් ඇයගේ එම සංචාරයට පෙර නවදිල්ලියේ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු වූ එහ්සාන්-උර්-රහිම් නම් අයෙකු සමග සමීප සම්බන්ධතාවක්ද ගොඩනගාගෙන තිබේ. එම රහීම් නම් අයව පසුගිය පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ඉන්දීය ආරක්ෂක අංශ විසින් නීත්‍යානුකූල නොවන අයෙකු ලෙස සලකා ඇති අතර ඔහුට පැය 24ක් ඇතුළත ඉන්දියාවෙන් පිටව යන ලෙසට ද නියෝග කර තිබුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. කෙසේ වෙතත් ඇය විසින් 2023 වසරේදී සිදුකළ පාකිස්තාන සංචාරය අතරතුර එරට ආරක්ෂක අංශ සහ බුද්ධි නිලධාරීන් හමුව ඇති බවත් පසුව නැවත ඉන්දියාවට පැමිණ එකී නිලධාරීන් සමග නිරන්තර සම්බන්ධතා පවත්වා ගනිමින් ඉන්දීය ජාතික විරෝධී තොරතුරු බෙදා ගැනීමට පටන් ගෙන ඇති බවත් ඇය විසින් ඉන්දීය ආරක්ෂක අංශ වෙත පාපොච්චාරණය කර ඇති අතර ඔත්තු බැලීමේ චෝදනාවට ලක් වූ රහීම් නම් අයව කිහිප වතාවක්ම මුණ ගැසී ඇති බවත් ඇය විසින් එහිදී ඉන්දීය ආරක්ෂක අංශ හමුවේ පාපොච්චාරණය කර ඇත. තවද ජෝති මල්හෝත්‍රා විසින් ඉන්දියාවේ ස්ථාන පිළිබඳ සංවේදී තොරතුරු පාකිස්තාන නිලධාරීන් හමුවේ බෙදා ගෙන ඇති ආකාරය පිළිබඳව මෙහිදී ඉන්දීය ආරක්ෂක අංශ හමුවේ ඇය විසින් පාපෝච්චාරණය කර ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. මේ අතර ජෝති මල්හෝත්‍රාට අමතරව තවත් අයෙකු ලෙස හඳුනාගෙන ඇත්තේ පන්ජාබ්හී මලර්කොට්ලා හී පදිංචි 32 හැවිරිදි කාන්තාවකි. ඇය විසින් වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට පාකිස්තානය වෙත ගොස් ඇති බවත් එහිදී රහීම් නම් අය මුණ ගැසී හඳුනාගෙන ඇති බවත් අනාවරණය වී තිබේ. පසුව කාලයත් සමග රහීම් නම් අය විසින් ගුසාලා නම් මෙම කාන්තාවට විටින් විට මුදල් ලබා දීම් සිදුකර ඇති බවත් ඉන්දීය ආරක්ෂක අංශ විසින් මෙහිදී අනාවරණය කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාවලියක්

විහාරස්ථානයක් මාසයකදී විදුලි ඒකක 8,500ක් පාවිච්චි කිරීම නිසා රුපියල් ලක්‍ෂ පහමාරක විදුලි බිලක් ලැබී ඇති බවත් මෙවැනි ආකාරයට දැවැන්ත විදුලි පරිභෝජනයක් කරන ආගමික ස්ථාන පිළිබඳව රජය මැදිහත්විය යුතු බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

එම විහාරස්ථානයේ පසුගිය මස විදුලි බිල රුපියල් 80,000ක් යැයි එම විහාරස්ථානයෙන් පැමිණිල්ලක් යොමුකර ඇති බව කී රත්නායක මහතා කොළඹ 7 පිහිටි කාමර 35කින් යුත් සිය හෝටලයේ මාසික විදුලි පරිභෝජනය ඒකක 7,500 ක් පමණක් බවද සඳහන් කළේය.

මෙවැනි විශාල පරිභෝජනයක් ඇති ස්ථානවලට ලක්‍ෂ 5කට වඩා වැඩි බිලක් ලැබීම වැලැක්විය නොහැකි බව කී රත්නායක මහතා සඳහන් කළේ පන්සල්වලට සහනාධාර දීම රජයේ කටයුත්තක් බවත්ය.

සමස්ත රට තුළ ඇති ආගමික ස්ථාන 48,500ක පමණ සංඛ්‍යාවෙන් සියයට 75ක් පමණ ඒකක 180කට අඩු විදුලි පරිභෝජනයක් ඇති ඒවා බවත් සියයට 25ක් පමණ වන විශාල පරිභෝජනයක් ඇති ස්ථාන ගැටලුවක් බවට පත්ව ඇති බවත් රත්නායක මහතා වැඩි දුරටත් කීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com