T20 ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩා ඇමතිගේ අනුමැතිය; උපදේශක පුහුණුකරුවෙක් ලෙස මහේල ජයවර්ධන

T20 ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩා ඇමතිගේ අනුමැතිය; උපදේශක පුහුණුකරුවෙක් ලෙස මහේල ජයවර්ධන

T20 ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩා ඇමතිගේ අනුමැතිය; උපදේශක පුහුණුකරුවෙක් ලෙස මහේල ජයවර්ධන

එළඹෙන ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියේදි මහේල ජයවර්ධන මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක පුහුණුකරුවෙක් ලෙස එක්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා පවසනවා.

මේ අතර එළඹෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයට තමන් අනුමැතිය ලබාදුන් බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.

අමාත්‍යවරයාගේ අනුමැතිය ලද සංචිතය නුදුරේදීම ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර, එම සංචිතය ඔක්තෝබර් මාසයේ මුල් සතියේ පල්ලෙකැලේ පැවැත්වෙන පුහුණු කඳවුරකින් අනතුරුව තරගාවලිය සඳහා පිටත්ව යාමට නියමිතයි.

එළඹෙන ඔක්තෝබර් 16වැනිදා ආරම්භ වන තරගාවලියට පෙර ශ්‍රී ලංකාව සිම්බාබ්වේ සහ අයර්ලන්තය සමඟ පෙරහුරු තරග දෙකකටද සහභාගි වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *