විදේශ ගත ශ්‍රමිකයින්ට ඉලෙක්ට්‍රික් වාහන ආනයන බලපත්‍රය ලබාගැනීම සම්බන්ධයෙන් විමසන්න දුරකථන අංක තුනක්

විදෙස්ගත ශ්‍රමිකයින්ට වාහන ආනයන බලපත්‍ර 900ක් නිකුත් කරයි

විදෙස්ගත ශ්‍රමිකයින්ට වාහන ආනයන බලපත්‍ර 900ක් නිකුත් කරයි

විදේශ ගත ශ්‍රමිකයින් නීත්‍යානුකූලව මෙරටට මුදල් එවීමෙන් පසුව හිමිවන ඉලෙක්ට්‍රික් වාහන ආනයන බලපත්‍රය ලබාගැනීම සම්බන්ධයෙන් වන ගැටලු යොමු කිරීම සදහා ක්ෂණික ඇමතුම් අංකයක් ඇතුළු තොරතුරු ලබාගැනීම සදහා වන දුරකථන අංක තුනක් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය විසින් හඳුන්වාදී තිබෙනවා.

ඒ අනුව 0773 039 034 යන ක්ෂණික ඇමතුම් අංකය හෝ 0112 368 175 අංකය ඔස්සේ ප්‍රබෝධ කග්ගොඩ ආරච්චි මහතා වෙත හෝ, 0112 582 447 යන අංකය ඔසේ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (පාලන) වෙත දුරකතන ඇමතුමක් ලබාදීමෙන් අවශ්‍ය තොරතුරු ලබාගත හැකියි.

විදේශගත ශ්‍රමිකයින් නීත්‍යානුකූල ක්‍රම ඔස්සේ මෙරටට මුදල් එවීමේදී, එවනු ලබන මුදලට සාපේක්ෂව ඉලෙක්ට්‍රික් වාහනයනක් ආනයනය කිරීම සඳහාවන කැබිනට් අනුමැති කම්කරු සහ විදේශ රැකියා අමාතය මනුෂ නානායක්කාර මහතා විසින් ලබා ගත්තා.

ඒ අනුව 2022 මැයි 1වැනිදා සිට 2023 අප්‍රේල් 30වැනිදා දිනය දක්වා ඇමරිකානු ඩොලර් 3000කට වඩා වැඩි මුදලක් එවීමේදී, එවනු ලැබූ මුදල මෙන් සියයට පනහකට අඩු සී.අයි.එෆ් අගයක් සහිත යතුරුපැදියක් ආනයනය කිරීමේ බලපත්‍රයක් හිමිවනවා.

2022 මැයි 1වැනිදා සිට 2022 දෙසැම්බර් 31වැනිදා දක්වා කාලයක තුළදී ඇමරිකානු ඩොලර් 20,000ක් හෝ ඊට වඩා වැඩි මුදලක් එවීමේදී ඉලෙක්ට්‍රික් මෝටර් රථයක් ආනයනය කිරීමේ බලපත්‍රයක් ලබාගැනීමට හැකියි.

ඒ අනුව ඉලෙට්‍රික් මෝටර් රථයක්, ඩබල් කැබ් රථයක්, වෑන් රථයක් හෝ ටිපර් රථයක් ආනයනය කිරීමේ අවස්ථාව හිමිවනවා.

මෙම වාහන ආනයන බලපත්‍ර ලබාගැනීම සදහා වන අයදුම්පත්‍ර මේ වන විට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවියේ පළ කර තිබෙනවා.

එම අයදුම්පත්‍ර සම්පූර්ණ කර අදාල සියලුම ලිපි ලේඛන සමග කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය වෙත භාරදිය යුතු බවද අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කර සිටිනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *