කසාන් අන්තර්ජාතික මුස්ලිම් චිත්‍රපට උළෙලේදී ‘ද නිවුස් පේපර්’ චිත්‍රපටයට සම්මානයක්

කසාන් අන්තර්ජාතික මුස්ලිම් චිත්‍රපට උළෙලේදී ‘ද නිවුස් පේපර්’ චිත්‍රපටයට සම්මානයක්

කසාන් අන්තර්ජාතික මුස්ලිම් චිත්‍රපට උළෙලේදී ‘ද නිවුස් පේපර්’ චිත්‍රපටයට සම්මානයක්

‘ද නිවුස් පේපර්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟ පෑ ප්‍රවීණ රංගන ශිල්පීන් දෙදෙනෙකු වන සරත් කොතලාවල මහතාට සහ කුමාර තිරිමාදුර මහතාට කසාන් අන්තර්ජාතික මුස්ලිම් චිත්‍රපට උළෙලේදී හොඳම නළුවා සම සම්මානය හිමි වුණා.

රුසියාවේ පැවති මෙම සම්මාන උළෙලේදී ‘ද නිව්ස් පේපර්’ චිත්‍රපටය නියෝජනය කරමින් චිත්‍රපටයේ සම නිෂ්පාදක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් සම්මාන ලබා ගෙන තිබෙනවා.

සරත් කොතලාවල, කුමාර තිරිමාදුර සම අධ්‍යක්‍ෂණයෙන් හා තිර රචනයෙන් නිර්මාණය වූ මෙම චිත්‍රපටය සඳහා අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනය, රවීන්ද්‍ර ගුරුගේ සහ එච්.ඩී. ප්‍රේමසිරි යන මහත්වරු නිෂ්පාදනයෙන් දායකත්වය දැක්වූවා

මෙම චිත්‍රපටය අන්තර්ජාතික වශයෙන් අවස්ථා කිහිපයකදීම ඇගයීමට ලක් වුණා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *