දේශපාලකයන්ගේ සහ රජයේ ඇතැම් ඉහළ නිලධාරීන් ශ්‍රී ලංකාවේ කඩා වැටීමට වගකිව යුතුයි – සමන්තා පවර්

දේශපාලකයන්ගේ සහ රජයේ ඇතැම් ඉහළ නිලධාරීන් ශ්‍රී ලංකාවේ කඩා වැටීමට වගකිව යුතුයි - සමන්තා පවර්

දේශපාලකයන්ගේ සහ රජයේ ඇතැම් ඉහළ නිලධාරීන් ශ්‍රී ලංකාවේ කඩා වැටීමට වගකිව යුතුයි - සමන්තා පවර්

දේශපාලකයන්ගේ සහ රජයේ ඇතැම් ඉහළ නිලධාරීන් තම නිලය භාවිත කරමින් වාසි ලබා ගැනීමට තැත්කිරීම ඇතුළු කරුණු රාශියක් ශ්‍රී ලංකාවේ කඩා වැටීමට හේතු වූ බව ජාත්‍යාන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය පැවැසුවාය.

ඇමෙරිකා තනාපති කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පවර් මහත්මිය මේ බව පැවැසුවාය.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් ජනවාව විදින දුෂ්කරතා දැක තමන් කනගාටුවට පත් වූ බවත්, අධික ණය බර, වංචා හා දූෂණ, රසායනික පොහොර භාවිතය තහනම් කිරීම මෙන්ම දේශපාලකයන්ගේ ක්‍රියාකලාපය මෙම තත්ත්වයට මූලික හේතුව බවද පවර් මහත්මිය වැඩිදුරටත් පැවැසුවාය.

ශ්‍රී ලංකාවට ආධාර ලැබූ පමණින් මෙම අර්බුදයෙන් ගොඩ ඒමට නොහැකි බවත් ඒ සඳහා ආර්ථික සහ දේශපාලනික ප්‍රතිසංස්කරණ සමාන්තරව ක්‍රියාත්මක විය යුතු බවද කී ඇය ආර්ථික හා දේශපාලනික වගවීම අවශ්‍ය බවත් කීවාය. දේශපාලකයන් මෙන්ම රජයේ ඇතැම් ඉහළ නිලධාරීන් තම නිලය භාවිත කරමින් වාසි ලබාගැනීමට තැත්කරන බවද ඇය අවධාරණය කළාය.

ශ්‍රී ලංකාවට අතිරේක සහායක් ලෙස ඇමෙරිකා ඩොලර් කෝටි 6ක මුදලක් ලබා දෙන ලබා දෙන බවද සමන්තා පවර් මහත්මිය පැවැසුවාය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *