උඩරට විවාහ පනතේ ගැසට් නිවේදනය නිකුත්වෙයි

සේවාවන් කිහිපයක් යළිත් අත්‍යවශ්‍ය සේවා බවට

සේවාවන් කිහිපයක් යළිත් අත්‍යවශ්‍ය සේවා බවට

උඩරට විවාහ හා දික්කසාද සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත.

මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුවය.

බාලවයස්කරුවකු ගේ විවාහය සඳහා නිසි බලධාරියකුගේ කැමැත්ත ලබා ගැනීමේ අවශ්‍යතාව නව කෙටුම්පතින් ඉවත් කර ඇත. උඩරට නීතියට යටත් සියලුම තැනැත්තන් සඳහා විවාහ වීමේ අවම වයස දහ අටක් බවට මේ අනුව පත්වනු ඇත.

උඩරට විවාහ හා දික්කසාද සංශෝධන පනත් කෙටුම්පත සකස් කිරීමට පසුගිය අගෝස්තු මස 1වැනි දින අනුමැතිය හිමි වූ අතර එය ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර කරගැනීමට නියමිතය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *