මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සපයන ඕනෑම සේවාවක් සඳහා ගෙවීම් සිදුකිරීමට නව ක්‍රමවේදයක්

මෝටර් වාහනවල ඉදිරිපස වීදුරුවේ තනතුරු ගහන්න බැහැ - මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සපයන සේවාවන් සඳහා ගෙවීම් කිරීමට නව ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් (සංවර්ධන) ඩී. කුසලානි ද සිල්වා මහත්මිය පැවසුවේ, ඉදිරියේදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සපයන ඕනෑම සේවාවක් සඳහා ගෙවීම් සිදුකිරීමට ක්‍රෙඩිට් කාඩ්පත් ඇතුළු සියලුම විද්‍යුත් කාඩ්පත් භාවිතා කළ හැකි බවය.
(05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඇය ඒ බව දැනුම්දුන්නාය.
නව තාක්ෂණයට අනුගත වීම සහ මුදල් රැගෙන යාමේදී ඇතිවන අපහසුතාවය මගහරවා ගැනීම යන කරුණු මූලික කරගනිමින් මෙම ක්‍රියාවලියට අනුගත වු බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.