“ELLA ODYSSEY” දුම්රියේ අමතර ගමන් වාර 2ක්

“ELLA ODYSSEY” දුම්රියේ අමතර ගමන් වාර 2ක්

“ELLA ODYSSEY” දුම්රියේ අමතර ගමන් වාර 2ක්

උඩරට දුම්රිය මාර්ගයේ සති අන්තයේ ධාවනය වන “ELLA ODYSSEY” දුම්රියේ දැනට ධාවනය වන දුම්රිය ගමන් වාරයට අමතරව තවත් ගමන් වාර 2ක් ධාවනය කිරීමට කටයුතු සැලසුම් කර තිබේ. එය මේ මස 08 වැනිදා සිට ක්‍රියාත්මක වෙයි.

දේශීය සංචාරකයින්ගේ ඉල්ලීම පරිදි මෙලෙස අමතර ගමන් වාර 2ක් යෙදවීමට කටයුතු කළ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ටී. එස්. පොල්වත්තගේ මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව, එම දුම්රිය සෑම බ්‍රහස්පතින්දාවකම කොළඔ සිට බදුල්ල දක්වාත් සෑම සිකුරාදාවකම බදුල්ල සිට කොළඔ දක්වාත් ධාවනය කෙරේ.

ආසන වෙන්කිරීම සඳහා දුම්රියේ ගමන් කිරීමට නියමිත දිනට, දින 14ක කාලයක් ඇතුළත ආසන වෙන් කළ හැකි බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා වැඩි දුරටත් පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *