පැරිස් සමාජය(Paris Club) ශ්‍රී ලංකාව සඳහා ණය සහන ක්‍රියාවලිය ආරම්භ කිරීමට සූදානම්

ණය ප්‍රතිව්‍යුහගතකරණයට නිල ණයහිමි කමිටුවක් - පැරිස් සමාජය

ණය ප්‍රතිව්‍යුහගතකරණයට නිල ණයහිමි කමිටුවක් - පැරිස් සමාජය

ශ්‍රී ලංකාව සඳහා ණය සහන ක්‍රියාවලිය ආරම්භ කිරීමට සූදානම් බව පැරිස් සමාජ සාමාජිකයන් (Paris Club Members) නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ණය පිළියම් පටිපාටියක් ආරම්භ කිරීමට පැරිස් සමාජය සූදානම් අතර කාලෝචිත පරිදි අවශ්‍ය මූල්‍ය රක්ෂණ සැපයීම සහ අවශ්‍ය මූල්‍ය සහතික කිරීම් නියමිත වේලාවට ලබා දීම සඳහා පැරිස් සමාජයේ නොවන නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සමග සම්බන්ධීකරණය කිරීමට ඇති කැමැත්ත නැවත අවධාරණය කළ බව එම නිවේදනයේ දැක්වේ.

දීර්ඝ කළ ණය පහසුකම් යටතේ මාස 48ක කාලයක සැලැස්මක් සඳහා ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් අතර පැවති නිලධාරී මට්ටමේ ගිවිසුම පිරිස් සමාජය විසින් පිළිගෙන ගනු ලැබ ඇත.

සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ රාජ්‍ය ණය තිරසරත්වය පවත්වා ගෙන යාම සඳහා වූ වැදගත් පියවර මෙම ගිවිසුමෙහි අන්තර්ගත වේ.

අනෙකුත් නිල ද්විපාර්ශ්වීය ණය හිමියන්ටද දැනටමත් යෝජනා කර ඇති පරිදි සාධාරණව කටයුතු කිරීමට ඇති හැකියාව ඔවුන් තහවුරු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *