නැවතත් සෞඛ්‍ය, ඛනිජ තෙල් සහ විදුලිය අත්‍යවශ්‍ය සේවා බවට නියම කරමින් ගැසට් නිවේදනයක්

සේවාවන් කිහිපයක් යළිත් අත්‍යවශ්‍ය සේවා බවට

සේවාවන් කිහිපයක් යළිත් අත්‍යවශ්‍ය සේවා බවට

සාමාන්‍ය ජන ජීවිතය පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය විදුලි බල සැපයුම හා ඊට අදාළ සියලු සේවා, ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම සහ සෞඛ්‍ය සේවාව නැවත වරක් අත්‍යවශ්‍ය සේවා බවට නියම කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සැප්තැම්බර් 3වන දින සිට බල පැවැත්වෙන පරිදි ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

සෞඛ්‍ය සේවාව, ඛනිජ තෙල් සහ විදුලිය අත්‍යවශ්‍ය සේවා බවට පත්කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ සහ විදුලි බල අමාත්‍යංශයේ අදාළ අමාත්‍යවරුන්ගේ නිර්දේශ සහිතව කරන ලද ඉල්ලීම අනුව, 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ 2වන වගන්තිය යටතේ, ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර ඇත.

මීට පෙරද මෙම සේවා අත්‍යවශ්‍ය සේවා බවට නියම කරමින් ජනාධිපවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව 2022.08.03 දිනැතිව නිවේදනයක් නිකුත් කරන ලදී.

නැවතත් විෂය භාර අමාත්‍යවරුන්ගේ නිර්දේශ සහිතව ඉල්ලීමක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරුණු හෙයින් 2022 සැප්තැම්බර් 3දින සිට උක්ත සඳහන් සේවා අත්‍යවශ්‍ය සේවා බවට ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *